https://www.gossiplankanews.com/2018/09/mahinda-speaks-the-hindu.html
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අද 12 පළ කර තිබෙන අතර එහිදී ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය ගැන
විමසීමේදී මහින්ද

මෙසේ කියා තිබේ.

ඔබ ජනපති තරගකරුවෙකු ලෙස අවස්ථා 2 ක් සපුරා තිබෙන හා 19 වන සංශෝධනය අනුව එය සීමා කර තිබෙන  පසුබිමක 2019 මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙහෙයවන්න්නේ කවුද?

‘මංම තමයි. මෙම සංශෝධනය සම්බන්ධව අපි අධිකරනයේ කරුණු නිරාකරණය කරගන්න බලපොරොත්තුවෙනවා. කෙසේ වෙතත් අවදානමක් ඇති නිසා කාටත් පිළිගන්න පුළුවන් වෙනත් විකල්ප අපේක්ෂකයෙකු ගැනත් සිතා තිබෙනවා.‘

ඒ තැනැත්තා ඔබේ පවුලේ කෙනෙක්ද නැතිනම් පවුලට පිටින්ද?
මගේ පුතා නාමල්ට ජනපති අපේක්ෂකයෙකු වෙන්න වයස තවම මදි. ඒකට අවම වයස 35 වියයුතුයි. ඒ නිසා 2019 එයාට බෑ. මගේ සහෝදරයාට තරග කරන්න පුළුවන්. එහෙම වුණොත් පක්ෂය තීරණය කළ යුතුයි ජනතාවට අවශ්‍ය මොන නායකයද කියලා‘