https://www.gossiplankanews.com/2018/09/madush-rajapaksa-family.html#more
නාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, ඒ මහතාගේ පවුලේ සෙසු සාමාජිකයනුත් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් තිබූ බවට
සැකකාර ඉන්දියානු ජාතිකයා ප‍්‍රකාශයක් ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25 දා) පස්වරුවේ කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර නමැත්තා සමඟ සබඳතා පවත්වා ඇති එම්. තෝමස්‌ නමැති ඉන්දීය ජාතිකයා ලබාදුන් ප්‍රකාශවලදී ඒ බව අනාවරණය කර ඇති බැවින් කවුරුන් කා සමඟ එලෙස කුමන්ත්‍රණය කළේ ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා දීර්ඝ ලෙස විමර්ශන සිදුකරනා බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා

ඇතුළු නිලධාරීහු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ.

මේ වනවිට සැක පවතින්නේ පාතාල නායක මාකඳුරේ මධුෂ් මේවාට සම්බන්ධ කරගන්නට නියමිතව සිටි බවයි.
සැකකාර ඉන්දියානු ජාතිකයාගෙන් වැඩිදුර ප්‍රශ්න කර විමර්ශන පවත්වා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනා ලෙසට එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට විනිසුරුවරිය නියෝග කළාය.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ ඇති බවට අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර නමැත්තාගේ කටහඬ සාම්පල් ලබා ගැනීම සඳහා ඔහු අද (26 දා) පෙරවරු 10.00 ට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනා ලෙසටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

නාමල් කුමාර නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරනා ලෙසටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති එම්. තෝමස්‌ නමැති එම ඉන්දියානු ජාතිකයා වීසා කාලය අවසන් වීමෙන් පසුවත් රාගම ප්‍රදේශයේ පිහිටි කාමරයක්‌ කුලී පදනම මත ලබාගෙන ජීවත්වී ඇති බවත් ඔහු කිසිදු රැකියාවක්‌ කර නැති බවත් හෙළිවී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.