https://www.gossiplankanews.com/2018/09/fire-lovers.html#more
පිළියන්දල මාම්පේ නිවසක් තුළ දී සිය පෙම්වතියට ගිනි තබා බරපතළ තුවාල සිදුකළ බව කියන විසිහැවිරිදි පෙම්වතා බදාදා (12) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. මෙලෙස බරපතළ තුවාල ලබා
ඇත්තේ මඩපාත බෙරවාවල පදිංචිව සිටි සදිනි ගෞරිකා ජයසේක්කර 19 හැවිරිදි තරුණියයි. මීට මාස හයකට පමණ ඉහත දී ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ තරුණයා හා තරුණීය ඔවුන්නොවුන් හදුනා ගෙන පෙම්වතුන් බවට පත්ව ඇති බව පොලිසිය කියයි.

පෙම්වතුන් බවට පත් වීමෙන් පසු තරුණයා තරුණීයගේ නිවසට ඉදහිට යාමට පුරුදු වී ඇති අතර තරුණිය මව්පියන් සමග කිහිප දිනක් පිළියන්දල මාම්පේ පිහිටි තරුණයාගේ නිවසට ගොස් තිබූ බවත් ඇය පෙම්වතා සමග එම නිවසට ගිය දෙවැනි දින මෙය බවත් පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

ඉකුත් 9 වැනි දින සිය දියණියගේ පෙම්වතා නිවසට පැමිණ පන්සල් යාමට බව පවසා දියණියව යතුරු පැදියකින් රැගෙන ගිය බවත් ඒ වන විට දහවල් එකයි කාලට පමණ ඇති බව තරුණියගේ මව පොලිසියට ලබා දුන් ප්‍රකාශයක සදහන් වේ. සවස තුනට පමණ දියණියගේ පෙම්වතා දුරකථනයෙන් නිවසට කතා කොට ඔයාගේ දුව ගිණි තියා ගත්තා යැයි පවසා ඇතැයි පොලිසිය කියයි..

මාපියන් මාපේ තරුණයාගේ නිවසට ගොස් සොයා බැලීමේදී සහොදරයෙකු නිවසේ සිටි බවත් නිවසේ කාමරයක ඇඳට ගිනි ඇවිලී තිබූ බව දුටු බවත් බරපතළ තුවාල ලද

තරුණියගේ මව ලබා දුන් ප්‍රකාශයේ සඳහන්ය.
පසුව පිළියන්දල රෝහලට ගිය අවස්ථාවේ දුව එහි ප්‍රතිකාර ලබමින් සිට පසුව කළුබෝවිල රෝහල කරා මාරුකර යැවූ බව ද ඇය ලබා දුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
තරුණියගේ මවුපියන් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මාපේ නිවසට ගොස් සිදුකළ පරික්ෂක්ෂාවේදී නිවසෙහි කාමරයක ඇදක් මත තිබෙන
මෙට්ටය මුළු මනින්ම ගිනි ගෙන ඇති අයුරු දැකගත හැකි වූ බව පොලිසිය කියයි.
එම කාමරයේ තිබී පිළිස්සී ගිය වයර් කැබලි කිහිපයක් ගිනි පෙට්ටියක්, යම් දියර වරිගයක් අඩංගු බෝතලයක්, හිසකෙස් ආදිය දක්නට ලැබුණ බව පොලිසිය කියයි.

තරුණියගේ ශරීරයට ඇවිළී තිබූ ගින්න නිවීම සඳහා උත්සාහ කළ සැකකාර තරුණයාගේ පියා ද පිළිස්සුම් තුවාල ලබා ඇති අතර තරුණයාගේ ශරීරයෙහි කිසිදු පිළිස්සුම් තුවාලයක් දක්නට නොවීම සැකයට හේතු වී තිබෙන බව පොලිසිය කියයි.
ගිනි ගැනීමට ලක්වූ තරුණියගේ ප්‍රකාශ සටහන් කිරීම සදහා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත ඉදුනිල් මහතා කළුබෝවිල රෝහල වෙත ගිය අවස්ථාවේ එම තරුණිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බැවින් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි යැයි පොලිසිය කියයි.

එම තරුණිය යමක් ප්‍රකාශ කිරීමට උත්සහ කරන. බව දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය කළ දැනුම් දීමකින් පසු කැස්බෑව මහේස්ත්‍රාත් තුමාගේ නියෝග මත නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා කළුබෝවිල රෝහල වෙත ගොස් වෛද්‍යවරුන් විසින් ලබා දුන් පහසුකම් යටතේ ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය කියයි. බරපතළ තුවාල ලබා සිටි තරුණියගෙන් වැඩබලන
මහේස්ත්‍රාත්වරයා ගිනි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න විමසීමේ දී තම පෙම්වතා ගිනි තැබූ බව ඇය ගොලු

භාෂාවෙන් පවසා සිටි බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු ඇය බැලීමට අවම තරමින් රෝහලට හෝ නොගොස් ඇති බවත් ඔහු කොණ්ඩය කැපීම සදහා සැලුන් එකකට ගොස් තිබු බව පොලිස් පරික්ෂණවල දී හෙළි වී ඇත. තම දියණියට ඇයගේ පෙම්වතා නිරතුරුවම විවාහ වෙමු යැයි පවසා ඇති අතර ඇය වසර විසිතුනක් සපිරෙන කම් විවාහ වීමට නොහැකි බව පවසා ඇතැයි ඒ හේතුවෙන්
දෙදෙනා අතර බහින් බස්වීම් හටගෙන ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළි වී ඇත. එම තරුණිය රැකියාවකට හෝ වැඩිදුර ඉගෙනීම සඳහා පාඨමාලාවකට සම්බන්ධ වීම සැකකරු නොරුස්සා ඇති බව පොලිසිය කියයි.

පෙම්වතුන් දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීම ගැටුමක් දක්වා දුරදිග ගොස් සැකකරු ඇයට එල්ල කරන ලද පහරක් හේතුවෙන් ඇය සිහිවිසඥ වීමෙන් පසු ඇයගේ සිරුරට ගිනි තැබුවා ද යන්න අවධානයට යොමු වී ඇතැයි පොලිසිය කියයි.
තරුණියගේ සිරුරට ගිනි ඇවිලුණු නිවසට පැමිණි රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරික්ෂක කේ.එම්.එස්. බණ්ඩාර මහතා සිද්ධිය වූ නිවසේ කාමරයෙන් ගිනි පෙට්ටියක් ඇතුළු ද්‍රව්‍ය අටකට
ආසන්න සාම්පල් ලබාගෙන තරුණියගේ සිරුරට ගිනි ඇවිලුණු ආකාරය සොයා පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂණාගාරයේ නිලධාරීන් ද පරීක්ෂණ පැවැත්වීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය රොෂාන් විජේසිංහ සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත ඉඳුනිල් පොලිස් කොස්තාපල්වරුන් වන (34034) විජේසිංහ, (56406) චන්ද්‍ර කුමාර (90573) අනුර යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)