https://www.gossiplankanews.com/2018/09/boralesgamuwa-accident.html#more
ද (30) අලුයම 12.45 ට පමණ බොරලැස්ගමුව  වික්‍රමරත්න මාවතේදී සිදුවූ අනතුරක් නිසා එක් අයෙකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.බොරලැස්ගමුව දෙසට ධාවනය කළ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වෛද්‍යවරියක පදවාගෙන පැමිණි වෙසල් වර්ගයේ
ජීප් රථයක ගැටී මෙම

අනතුර සිදු වී ඇති අතර කාර් රථයේ ගමන් කළ පියා මව හා වයස 21 ක් 5 ක්වූ පුතුන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇත. එකම පවුලේ සිව්දෙනා බරපතල තුවාල ලද පසුව අසල්වාසීන් එක්වී කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති නමුත් රිය පැදවූ පොලිස් නිලධාරියෙකුවූ පියා  2.20 ට පමණ මියගොස් ඇත. බරපතල තුවාල ලැබු ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 21 ක පුතු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 05 පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
මියගිය අජන්ත ගාමිණි  ගමගේ නමැති වයස අවුරුදු. 51 ක් වූ පියා නො. 68/11, වැව පාර, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචිකරුවකු වන අතර පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියේය.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය 2018.09.30 වන අද දින සිදු කිරීමට නියමිතය.
 අනතුර සිදු කළ කාන්තාව වෛද්‍යවරියක බවත් ඇය රත්නපුර මහරෝහලට අනයුක්ත දියවැඩියා වෛද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරියක වන දිලානි කාංවිගා නැමැත්තියක බවත් වාර්තාවේ.
අනතුර සිදුකරද්දී ඇය බීමත්ව සිටි බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත.වෛද්‍යවරිය ලබන මස 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානයක්කාර මහත්මිය අද (30) නියෝග කළාය.
අනතුර නිසා ඇය තුවාල ලබා ඇති අතර ඇය පොලිස් භාරයේ සිට කළුබෝවිල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන්නීය.
බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 සිද්ධිය පිළිබඳ අලුත් වාර්තාව
පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ බොරලැස්ගමුවේ වෙසල් වැගන්-ආර් අනතුරින් පසු බීමත්ව සිටි වෛද්‍යවරිය මත්පැන් බී නැතැයි වෛද්‍ය වාර්තාවක්