https://www.gossiplankanews.com/2018/09/asia-cup-victory-india.html#more

යේ ඩුබායි නුවරදී පැවති ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී බංගලිදේශය පරදා ශූරතාවය දිනාගැනීමට ඉන්දීය පිල සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව

මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව බංගලිදේශය 222 ක් ලබා සියලු දෙනා දැවී  ඉන්දියාවට දෙවන ඉනිම භාර කෙරිණි.
මෙම 222 ලබාගැනීමේදී බංගලිදේශයේ ලිටොන් ඩාස් ලබාගත් 121 කැපී පෙනිණි 4 පහර 12 ක් හා 6 පහර 2 ක් සමග ඔහු සිය ප්‍රථම එක්දින ශතකය අවසන් තරගයේ අවශ්‍යම අවස්ථාවේ ලබාගත්තේය. කෙසේ වෙතත් බංගලිදේශ පිතිකරුවන් වැඩිදෙනෙකුට මෙවර සාර්ථක වන්නට බැරිව ගිය නිසා විශාල ඉලක්කයකට යාම අසීරු විය.
දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට 223 සිතූ තරම් පහසු ඉලක්කයක් නොවූ අතර ලකුණු 35,46,83,137, 160 ආදී වරින්වර කඩුළු බිඳවැටීම නිසා බලාපොරොත්තු ගිලිහ ගිය අවස්ථා ගණනාවක් ඇති විය.
කෙසේ වෙතත් රෝහිත් ෂර්මා (48),කර්තික්(37) හා දෝනි (36) රැස්කළ ලකුණු නිසා ඉනිම ගොඩනැගී තිබීම මත පසුපෙළ පිතිකරුවන් තරගය ජයග්‍රහණය කරා රැගෙන යන ලදි. මෙහිදී ජඩේජා හා කුමාර් අතර සබඳතාවය වැදගත් විය.
ලකුණු සටහන පහත පරිදිය.