https://www.gossiplankanews.com/2018/09/30-unknown-wife.html#more
විවාහ වී වසර තිහක් පමණ ගතවීත් දරුවන් තිදෙනකුත් ලබා ඇති නමුත් තම සැමියාගේ නම සහ වාසගම නොදන්නා අපූරු බිරියක් ගැන පඬුවස්නුවර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පසුගියදා සිදු කෙරුණු පොලිස් ජංගම සේවාව හෙට්ටිපොළ පොලිසිය මඟින් හෙට්ටිපොළ පොලිස් වසමෙහි
ස්ථාන කිහිපයකදී සිදු කෙරිණි. ඩෙංගු මර්දන වැඩසටහනද මෙම ජංගම සේවයේ එක් අංගයක් වූයෙන් ඒ සඳහා නිවාස පරීක්ෂා කිරීම, දැනුවත් කිරීම මෙම ජංගම සේවය යටතේ සිදු කෙරීණි. එම වැඩසටහන යටත්තේ හෙට්ටිපොළ පොලිසියේ නිලධාරීන් පිරීසක් සහ පඬුවස්නුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය

නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකු සහ සිවිල් ආරක්ෂක කමිටුවේ නිලධාරින් පිරිසක් සමග එක්ව නිවාස පරීක්ෂා කරමින් දැනුවත් කරමින් ගෙයින් ගෙට ගොස් ඇත.

අනතුරුව පරීක්ෂා කළ නිවසක නම සහ ලිපිනය සඳහන් කර ගැනීම නිලධාරින් විසින් සිදු කරන ලදී. එක්තරා නිවසක් පරීක්ෂා කිරිමෙන් අනතුරුව නිවසේ හිමිකරුගේ නම කුමක්දැයි නිලධාරීන් ගෙහිමි කාත්නාවන්ගෙන් විමසා අන. ගේයි ඉඩමයිනම් මහත්තයෝ තියෙන්නෙ පුතාගෙ නමට එයා රස්සාවට ගිහින් යැයි කාත්තාව පවසා ඇත. පුතා නැති වුණාට කමක් නෑ එයාගේ සම්පුර්ණ නමයි ලිපිනයයි කියන්නකො අපට සටහන් කර ගන්නැයි නිලධාරින්හි කාන්තාවට පවසා ඇත. පුතාට නිවෙසේ භාවිත කරන කෙටි නමක් පමණක් කාන්තාව විසින් නිලධාරින්ට පවසා ඇත. එහෙම හරී යන්නෙ නෑ පුතාගේ සම්පූර්ණ නම වාසගමත් සමඟ නිවැරැදිව කියන්නැයි නිලධාරින් කාන්තාවට පවසා ඇත.


 මම ළමයගෙ සම්පූර්ණ නම දන්නෙ නෑ මහත්තයො. ඔහොම පොඩ්ඩක් ඉන්නකො මම උපැන්න කොළේ ගෙනත් දෙන්නම් යැයි කාන්තාව පවසා ඇත. කාලය ගතවන බැවින් එහෙනම් මහත්තයාගේ සම්පුර්ණ නම කියන්නකො යැයි නිලධාරීන් පවසා ඇත. සැමියාටත් කවුරුත් භාවිතා  කරන කෙටි නමක් ඇය පවසා ඇත. එහෙම නෙවෙයි මහත්තයාගේ සම්පූර්ණ නම වාසගම සහිතව කියන්න යැයි නිලධාරීන් මෙම කන්තාවට පවසා ඇත. වාසගම එක්ක නමක් නම් මම දන්නේ නෑ මහත්තයො යැයි ඇය පවසා ඇත. විවාහ වී කොතරම් කල්දැයි නිලධාරින් විමසුවේ අවශ්‍ය නිසා නොව මැදිවිය ඉක්මවා ගොස් ඇති බවක් පෙනෙන නිසාය.

මනුස්සයා එක්ක ඇවිල්ලා නම් ගොඩක් කල් මහත්තයෝ. ලොකු දුව බැඳලා. දරුවොත් ඉන්නවා. අනෙක් දරුවෝ දෙන්නා රස්සා කරනවා යැයි ඇය පවසා ඇත. ඉන්නකො මහත්තයා පුතාගෙ උප්පෑන්න කොළේ ගෙනත් දෙන්න. ඒකෙ නම ඇති යැයි කියු කන්තාව නිවෙස තුළට ගොස් පුතාගෙ උප්පෑන්නයේ පිටපතක් ගෙනත් නිලධාරීන්ට පෙන්වා ඇත. උප්පෑන්නයේ සඳහන් පරීදී දෙවැනි දරුවාටත් වයස අවුරුදු විසිපහ ඉක්මවා ගොසිනි. විවාහ දිවියට වසර තිහක් පමණ ගතවීත් දරුවන් තිදෙනකු ලබා සිටියදීත් වසර ගනනක් තිස්සේ එකගෙයි වාසය කරන සැමියාගේ සහ තම දරුවන්ගේ නම නොදන්නා මෙම කාන්නාව ගැන නිලධාරීන්ට දැනුණේ මහත් පුදුමයක් බව ඔවුහු පැවැසූහ.

-හිරුණි මෙන්ඩිස්-