අමාත්‍ය මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12 ට
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
සියලූම අමාත්‍යවරුන්ට මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගිවන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ පස්වරුවේ දුරකථන මගින් දැනුම් දී ඇත.
මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න ඇමතිවරුන්ටද දැනුම්දී නොමැත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ කැබිනට් අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක,

රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා සහ මනෝ ගනේෂන් මේ වනවිට නිල සංචාරවල නිරතවන පසුබිමක මෙවැනි හදිසි රැස්වීමක් පවත්වන්නේ මන්ද යන්න කසුකුසුවක් පැනනැගී ඇත.
සාමාන්‍ය සතිපතා කැබිනට් රැස්වීම  අඟහරුවාදා පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා එය පැවැත්වීමෙන් පසු මෙම විශේෂ කැඳවීම අදට යොදා තිබේ.