ජාඇල ප‍්‍රදේශයෙන් පැමිණි කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී කසිප්පු ස්කාගාරයක් 26 පස්වරුවේ වැටලීමට වීරකැටිය පොලීසිය සමත්විය වීරකැටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන
පොලිස් පරික්ෂක රසික

සම්පත් මහතා වෙත ලද තොරතුරක් මත මෙම ස්ථානය වටලා ඇත

මෙම කාන්තාව මිද්දෙනිය පොලිස් වසමට අයත් ජූලම්පිටිය බැරියර් හන්දිය ආසන්නයේ නිවසක් කුළියට ගෙන මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි මෙහි බැරල් හතළිස් හතරක තිබූ කසිප්පු මිලි ලීටර් හත්ලක්ෂ තිස්පන් දහසක්ද ගෝඩා මිලි ලීටර් හැත්තෑනවලක්ෂ විසිදහසක්ද තිබූ බව පොලීසිය පවසයි

මෙහිදී එම ස්ථානයේ සේවය සදහා යොදවා ගත් ජාඇල කොටුගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්ද අත් අඩංගුවට ගෙන ඇත මෙහි තිබී ප්ලාස්ටික් බැරල් හතළිස් හතරක් ලීටර් තිහේ කෑන් හතලිස් පහක්  ගෑස් සිලින්ඩර් දහසයක් විශාල ගෑස් ලිප් පහක් වතුර මෝටරයක් ඇතුළු භාණ්ඩ රැසක්ද අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.