අද (12) උදෑසන පොලොන්නරුවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙන බව දුම්රිය
නියාමකවරුන්ගේ

සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්. පී පිරිස් මහතා මාධ්‍යට පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ තම ඉල්ලීම් ප්‍රකාරව අදාළ වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණයට ජනපති එකඟවූ බවයි. එම අවස්ථාවේ පැයක් පමණ කතාකළ බවත් අමුණුගම රාජිත හා මංගල ඇමතිවරුන්ට අමතා අවශ්‍ය උපදෙස් දුන් බවත් තමන්ගේ ඉල්ලීම් සපීරීම නිසා වැඩ වර්ජනය අත්හරින්ට තීරණය කළ බවත්ය.
ඒ අනුව හැකි ඉක්මණින් සේවාවන් යළි අරඹන බව කියන පී.එම්. පී පිරිස් මහතා හෙට දිනයේ සියලු දුම්රිය ධාවනයට උත්සාහ කරන බවද දන්වා ඇත.