සර දෙකක පමණ කාලයක් තිස්සේ පාසල් සිසුවියක අපයෝජනය කරමින් සිටි බව කියන බණ්ඩාරගම ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන නිහාල් ධර්මතිලක නමැති 52 හැවිරිදි පස්දරු උපකාරක පන්ති ගුරුවරයෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වුණා.
ඔහු අපයෝජනයට ලක්වූ සිසුවියට ‘ඉන්ඩිවිජුව්ල් ටියුෂන්‘ ලබාදෙන බව පවසමින්
බණ්ඩාරගම නගරයේ උපකාරක පන්ති පවත්වන ස්ථානයකට ගෙන්වාගෙන පන්තියේ දොරවසාගෙන ඇයව අපයෝජනයට ලක් කර ඇති බව වාර්තා විය. මීට වසර දෙකකට පෙර ඇයට ඒ සාමාර්ථයක් කෙසේ හො ලබාදෙන බවටත් ඒ සඳහා තනිව පන්තියට පැමිණීම මගින් වැඩි වාසි අත්කරගතහැකි බවටත් පොරොන්දු වී තිබෙන අතර ඇය සහ ඇගේ භාරකාරීත්වය එම කතාවලට රැවටී තිබේ.
පන්තියේදී ඇය රවටමින් චාටු කතාබස් පවසන ලද ගුරුවරයා ඇයට ජංගම දුරකථනවලින් අසභ්‍ය ලිංගික ජවනිකා

පෙන්වා පෙළැඹවීම් ඇති කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. මුලදී ඇයගේ විරෝධතාවයන් පැනනැගුණත් ඇයට ඔහු පවසා ඇත්තේ ‘ඔය වයසට මේව නොකළොත් තමා පුදුමේ.. ඔයා බයවෙන්න එපා. මං බෙහෙත් දෙන්නම් ඔයාට කිසි කරදරයක් වෙන්නෙ නෑ..‘ යනුවෙනි. ඒ අනුව ඔහු ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇති අතර ඒ සෑම අවස්ථාවකම ඇයට උපත් පාලන පෙතිද ලබාදී ඇති බවද ඒවා ලබාගන්නට බණ්ඩාරගම ෆාමසිවලට ඔහු ගිය බවද ඇය පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ළාබාල සිසුවිය දිගටම රවටමින් සිටි ගුරුවරයා ගැන ඇය ඇගේ දෙමාපියන්ට හෝ සහෝදරයාට දන්වා නැති අතර පසුගිය සතියේ දිනෙක ඇයට ගුරුවරයාගෙන් ආ දුරකථන ඇමතුමක් සවන්දීගෙන සිටි සොහොයුරාට මෙම සම්බන්ධය ගැන සැකයක් පහළවීමෙන් පසු දිගටම කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය සියල්ල අනාවරණය කර තිබේ.

පස් දරු පියෙකු වන අත්අඩංගුවට පත්

ගුරුවරයාගේ නීතියානූකූල බිරිඳ විදුහල්පතිනියක් වන නමුත් ඇය අතහැර තමන්ට වඩා වසර 20 ක් බාල ගුරුවරියක් සමඟ මෙම ගුරුවරයා එක්ව දිවි ගෙවන බවද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු හෙළි කර තිබේ.
ගයාත්‍රී කාරියවසම් ආරච්චිලාගේ නිහාල් ධර්මතිලක නම් වන ඔහු බණ්ඩාරගම ප්‍රදේශයේ  බොහෝ සිසුසිසුවියන් හඳුනන ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙකු බව කියැවේ.

දැරිය පමණක් බණ්ඩාරගම නගරයේ උපකාරක පන්තියට ගෙන්වාගෙන වරින් වර දැරිය සමඟ වසර 2ක් තිස්සේ මෙම ගුරුවරයා ලිංගිකව හැසිරී ඇති බව පොලීසිය සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී තිබෙයි.
සිසුවියගේ සහෝදරයාට ඇතිවූ සැකයෙන් පසු දැරියගේ දෙමාපියන් සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලිසියට පැමිණිලි කර  බණ්ඩාරගම පොලිසිය අදාළ උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාසල් සිසුවිය මේ වනවිට කළුතර ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.