සර දෙකහමාරක් තිස්සේ පාසල් දැරියක අපහරණය කළ විවාහක උපකාරක පන්ති ගුරුවරයකු පසුගියදා බණ්ඩාරගමදී අත්අඩංගුවට පත්වූ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන වලින් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ.
නිහාල් ධර්මතිලක නමැති 52 හැවිරිදි මෙම පස්දරු උපකාරක පන්ති ගුරුවරයා යන යන තැන්වල මනමාල
කම් කරන විවාහ දෙකක් කරගත් අයෙකු වන අතර ඔහුගේ පළමු විවාහයේ දරුවන් තිදෙනෙකුද දෙවන විවාහයේ දරුවන් දෙදෙනෙකුද සිටින අයෙකි.
ඔහු ගණිතය විෂය පිළිබඳ කාලයක් තිස්සේ නම් දැරූ ආචාර්ය වරයෙකු වීම නිසා ඔහුට මුදල්වලින් ගෝලයින්ගෙන් අඩුවක් නැත. ඔහුගේ වාහනයේ හැම විටම ඇඳ ඇතිරිල්ලක් හා කැමරා උපකරණ තිබීමද විශේෂිතය. තමන් තෝරාගත් විනෝදයට කැමති සිසුවියන් සමග අවස්ථාව ලද සැණින් අඹුසැමියන් ලෙස හැසිරීමට හැකි සුවිශේෂ උපායශීලී බවක්ද ඔහු සතුව තිබී ඇත.

උපකාරක පන්ති පවත්වන ස්ථාන කුලියට ලබාගන්නා ඔහු එ්වා අධ්‍යාපනය

පිණිස පමණක් නොව තමන්ගේ පුද්ගලික අනියම් ලිංගික ක්‍රියාකාරකම් සඳහා නවාතැන්පොළක් ලෙසද භාවිත කිරීම විශේෂිතය. ඔහු සමග කැමැත්තෙන් මෙම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන සිසුවියන් මෙන්ම මුලදී අතමැත්තෙන් සිට පසුව ඔහු හා එකඟවන අය සිටින බවත් ඇතැමුන් ඔහුට විරුද්ධ වුවත් පවතින බිය නිසා ඒ ගැන පැමිණිලි සඳහා නොයන බවත් පැවසිණි.

ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ එක් සිසුවියකගේ සහෝදරයෙකුට ඇතිවූ සැකයක් අනුවයි.
තම සහෝදරිය නිරතුරුවම කල්පනා කරමින් කාලය ගත කිරීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි සිසුවියගේ සහෝදරයා ඇයගේ ජංගම දුරකථනයට ලද ඇමතුමකට ඇය ලබා දෙන පිළිතුරු පිළිබඳ අවධානයෙන් සිට ඒ පිළිබඳව කළ ප්‍රශ්න කිරීමේදී ඇයට ගුරුවරයාගේ පීඩාව වදයක් වී ඇති බව දැනගන්නට ලැබී තිබේ.
තමාගේ සිතේ කිසිදු කැමැත්තක් නැතිව ගුරුවරයාගේ බලහත්කාරී පෙළැඹවීම මත ඔහු කියන ආකාරයට හැසිරීම ගැන මෙම සිසුවිය පීඩාවෙන් පසුවී ඇත. ‘සර් මට කරදර කරනවා. බෑ කිව්වම ෆෝන් එකේ තියන ඒවා ප්‍රසිද්ධ කරනව කියල කියනවා‘ සිසුවිය සහෝදරයාට පවසා ඇත.

ෆෝන් එකේ තියන ඒවා යනුවෙන් අදහස් කරන්නේ මොනවාදැයි සිසුවියගේ සහෝදරයා දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමේදී ඔහු කම්පනයට පත්වන හෙළිදරව්ව සිදුවිය.
ගණිතය විෂයට "ඒ" සාමාර්ථයක් ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි ඇයට පමණක් විශේෂ පන්තියක් පවත්වන බව පවසා මීට වසර දෙකහමාරකට පෙර ඇයව උපකාරක පන්තියට ගොස් ඇරලවන අවස්ථාවටද මෙම සහෝදරයා එක්විය. ඇය බණ්ඩාරගම නගරයේ උපකාරක පන්තිය වෙත ගෙන්වා ගැනීමෙන් පසු මුල් දිනවලදීම පන්තියේ දොර වසාගත් නිහාල් සර්  තමා දූෂණය කළ බවත් ඒ අවස්ථා කැමරා උපකරණ මගින් වීඩියෝ කළ බවත් ඇය පවසා තිබේ.

තමා දූෂණය කරන්නට නිහාල් සර්ගේ ගමන් මල්ලේ තිබුණ ‘යෝගා මැට්‘ පන්තියේ බිම අතුරා ඇඳ ඇතිරිල්ලක් ලෙස උපයෝගී කරගත් බවද ඇය පවසා තිබේ.
සිද්ධියෙන් පසුව සිසුවිය බියට පත් කර තිබෙන මෙම ගුරුවරයා සියල්ල කැමරා මගින් සටහන්ව තිබෙන බවත් මේ බව කාට හෝ පැවසුවහොත් එම වීඩියෝ

දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවටත් තර්ජනය කර තිබේ. කෙසේ වෙතත් නැවත සිසුවිය හා සුහදව කථාබහ කරන ගුරුවරයා මෙසේ කියා තිබේ.

‘මේවා මේ කාලෙ සාමාන්‍ය දේවල්. ඔයා බයවෙන්න එපා මං පෙත්තක් දෙනව දැන්. ආයෙත් තව පෙත්තක් තියනවා පැය 12 කින් පස්සෙ ගන්න. ඒකින් පස්සෙ ඔයාට මුකුත් වෙන් නෑ. බය නැතිව ඕව ගන්න. අද කාලෙ කවුරුත් මේව කරනව. අපි විනොදෙන් ඉන්න ඕන..‘
එදින සිට මේ දක්වා අවස්ථා ගණනාවකදී දැරියව ඒ අයුරින් උපකාරක පන්තිය වෙත ගෙන්වා ගෙන ඇය සමඟ ලිංගිකව එක්වී ඇති සැකකරු ඒ සෑම දිනකම දැරියට බෙහෙත් පෙත්තක් බීමට ලබාදී තව පෙත්තක් ඇය අතට පත්කර පැය ‍12 කින් අනතුරුව එය බොන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් හෙළි වී ඇත.
මෙම කාරණා ගැන සිසුවියගේ දෙමාපියන්ද දැනුවත්වීමෙන් පසු පොලිසියට කළ පැමිණිල්ල මත නිහාල් ධර්මතිලක උපකාරක පන්ති ගුරුවරයා ඔහුගේ ජංගම දුරකථන හා ඇඳ ඇතිරිලි සමග අත්අඩංගුවට පත්විය.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මාතලේ ප්‍රදේශයේ විදුහල්පතිනියක් සමඟ විවාහ වී සිටි බවත් එම විවාහයෙන් තමාට දාව දරුවන් තිදෙනකු සිටින බවත් මීට වසර ‍12 කට පමණ ඉහතදී ඇයව අත්හැර එම ප්‍රදේශයේම පාසල් දැරියක් සමග විවාහවූ බවත් මේ වනවිට එම කාන්තාවටද දරුවන් දෙදෙනකු සිටින බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
52 වියේ පසුවන සැකකාර උපකාරක පන්ති ගුරුවරයා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දැරිය රෝහල් ගත කර ඇත. සැකකරු දැරිය අපහරණය සඳහා යොදා ගත් ඇඳ ඇතිරිල්ලක් , උපත් පාලන පෙති තොගයක් හා සැකකරුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
සිසුවියට පෙති පොවා අපයෝජනය කළ බණ්ඩාරගම නිහාල් සර්ටත් වැඩ වරදී