මහජන මුදලින් නඩත්තු වන මන්ත්‍රීවරියකගේ පුතකු තම නිවසට විදුලිය හොරෙන් රැගෙන තිබිම තරමක් විශේෂය.මෙම සොරකම කර ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුතෙකි.
 14දා පස්වරුවේ සැකකාර එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ

මාවනැල්ල පදිංචි වයස අවුරුදු 38ක විවාහක පුද්ගලයෙකි.කාලයක් තිස්සේ විදුලි මීටරයට පිටතින් විදුලිය ලබාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් මාවනැල්ල විදුලි බල මණ්ඩලයට ලැබුණු තොරතුරකින් පසුව අදාළ වැටලීම කර සැකකරුට විරුද්ධව පොලිසියේ පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන  අධිකරණය, වෙත ඉදිරීපත් කිරීමට නියමිතව බවද පොලිසිය කියයි.
   -කේ.වී.බණ්ඩාර-