මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් නිසා ගම්වැසියන් හා
වනජීවි නිලධාරීන් අතර ඊයේ ගැටුමක් හටගත්තා.
වනෝද්‍යානයට ඇතුල්වි නිතිවිරෝධි දැල් ආම්පන්න භාවිතා කළ ගම්වැසියෙකු අත්අඩංගුවට ගතතත් එම පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කරන්නට පෙර ඔහු නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ගම්මු සමග යළි පැමිණ සටන් කර තිබේ.
මේ හේතුවෙන්

වනෝද්‍යානයෙට පිරිස් ඇතුළු කිරීම හා ආරක්ෂාව සම්බන්ධ ගැටලු පැනනැගී ඇති අතර තාවකාලිකව වසා දැමීමට අද (27) තීරණය කර තිබුණි.
කෙසෙ වෙතත් වරද සිදු කළ අයව යළි අත්අඩංගුවට ගත් පසු 300කට ආසන්න පිරිසක් වනෝද්‍යානයේ දොරටුව ආසන්නයට පැමිණ වනජිවි නිලධාරින්ට පහරදී අත්අඩංගුවේ සිටි ධීවරයා සහ ධිවර ආම්පන්න රැගෙන ගොස් තිබෙන බවද වාර්තා විය.
මෙම ගැටුමින් වනජීවි නිලධාරීන් හයදෙනකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළු කර තිබේ.
වනෝද්‍යාන පරිශ්‍රයට අයත් ජලාශ වල බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම වරදක් බව නිලධාරීන් දන්වා ඇත.
 වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර  කියා සිටියේ කිසිදු හේතුවක් මත වනෝද්‍යානය වසා දමා නොමැති බවයි.