සුනඛයින් ඇති දැඩි කිරීමට ඉමහත් ආශාවක් දක්වන බ්‍රිතාන්‍ය රජපවුලේ අලුත් මනාලිය මෙගන් මාර්කල් හට  රාජකීය නිවසේ සුනඛයෙකු ඇතිදැඩි කරන්නට ඕනෑවී තිබෙන අතර ඇය එම අවශ්‍යතාව රැජිණගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

බ්‍රිතාන්‍ය රජ මාලිගයට බල්ලන් පූසන්

අමුත්තන් නොවූ අතර එළිසබෙත් මහ රැජිණ පවා තරුණ කාලයේ බල්ලන් ඇති කිරීමටත් උන් සමග ගමන් බිමන් යාමටත් ආසා කළාය.

චාල්ස් කුමරු සිය පුතුන් දෙදෙනා කුඩා කාලයේ ඇති කළ කළු පැහැති ලැබ්රේඩර් බල්ලකු ගැන අතීත වාර්තා තිබේ. එසේම විළියම් කුමරුගේ බිරිය කේට් පෝලෝ ක්‍රිඩා තරග සඳහා පැමිනෙද්දී සුනඛයෙකු අතදරා පැමිණෙන ආකාරයත් ඡායාරූප වලට නැගී තිබේ.

මේ අතර චාල්ස් කැමිලා යුවළ නිවසේ ඇති කරන පූසන් හා බල්ලන් ගැන නොයෙකුත් කතාද විස්තර පසුගිය කාලයේ ප්‍රචාරය විය.

රජ පවුලට අලුතින් එක්වූ මෙගන් මාර්කල් කැනඩාවේ වාසය කරද්දී සුනඛයින් ගණනාවක් ඇති දැඩි කළ අතර ගයි නමැති සුනඛයා ඇය සිය මංගල්‍ය උත්සවය වෙනුවෙන්ද කැටුව ආ බවටද වාර්තා පළවිය. පාරේ අතරමංවූ සුනඛයෙකු වූ ගයි බේරාගෙන ඇති කරන්නට මෙගන් දැරූ උත්සාහය ගැන ඒ දිනවල විවිධ වාර්තා පළවී තිබුණි.

මෙවර ඇය රැජිණගෙන් අනුමැතිය ඉල්ලා සිටින්නේ අලුත්ම සුනඛයෙකු මාලිගයට ගෙන්වා දෙන ලෙසයි. ඌ ලැබ්රේඩර් වර්ගයට අයත් සුනඛයෙකු වන අතර හැරී මෙගන් වාසය කරන බැල්මොරොල් මන්දිරයට ළඟදීම කැටුව එනු ඇත.