හරගම නගරසභාවට නගරාධිපති ලෙස තේරී පත්වූ ටිරාජ් පියරත්න සිය ආයතනය තුළ තමන් ආමන්ත්‍රණය කළ යුතු ආකාරය ගැන තබා ඇති සටහනක් සමාජ ජාල වෙත සංසරණය වීම සමග
දැඩි විවේචන හටගෙන තිබේ.
මෝටර් සයිකලය සංකේතයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ ටිරාජ් ඒ පක්ෂය සඳහා පොහොට්ටුවේ සහාය ලැබීම නිසා විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර නගරාධිපති ලෙසද තේරී පත්විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු මැහුම් පාඨමාලාවක් හදාරමින් සිටියදී සමාජ වැඩවලට අවතීර්ණවී මැතිවරණයට සම්බන්ධවූවෙකු ලෙස ඔහු හඳුනාගන්නට ලැබෙන අතර ඔහුගේ ෆේස් බුක් පිටු පරිශීලනය කරන්නෙකුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා මහින්ද රාජපක්ෂගේ ප්‍රබල අනුගාමිකයෙකු ලෙසද හඳුනාගන්නට ලැබේ.

ඔහු නගර සභාවේ අලවන ලද දැන්වීමෙන් පවසා ඇත්තේ තමා මහරගම පළමු පුරවැසියා නිසාත් නගර සභාවේ ප්‍රධාන විධායකයා නිසාත් ‘සර්‘ කියා අමතන ලෙසයි.