ඉන්දුනීසියාවේ ප්‍රකට සංචාරක ප්‍රදේශයක් වන ලොම්බොක් දූපත හා ආශ්‍රිත කලාපයේ ඊයේ ඇතිවූ රික්තර් ඒකක 7.0 භූමිකම්පාවක් නිසා 82 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සුප්‍රකට බාලි දූපත් ආසන්න ලොම්බොක් දූපත

නිරන්තරයෙන්ම සංචාරකයින් ගැවසෙන කලාපයකි.
මුලින් 5.6 ක භූමිකම්පවකින් පසු  ‘පසු කම්පනයක්‘ ස්වභාවයෙන් මෙම භූමිකම්පාව වාර්තාවී තිබේ. මුල් භූමිකම්පාව නිසා නගරයේ පිරිස් කලබලවී එහේ මෙහේ සැරිසරණ අතර දෙවැන්න වාර්තාවී ඇත.

මින් ඉහත පසුගිය ජුලි 29 වනදිනද මෙම ස්ථානයේ භූමිකම්පාවක් වාර්තාවූ අතර එයින් 14 දෙනෙකුගේ ජීවිත අහිමිව තිබුණි.
මෙම කම්පන තත්වය නිසා බාලි දූපතට පැමිණි සංචාරකයින් නැවත සිය රටවල් බලා පියාසර කරන්නට පටන්ගෙන ඇති බවත් ගුවන් තොටුපළ පථය පවා භූමිකම්පාවෙන් අබලන්ව ඇති බවත් වාර්තා කර තිබේ.