කිළිනොච්චියේ දී යුද හමුදා ට්‍රක් රථයක යතුරු පැදියක් ගැටීම නිසා අද සවස
යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

මෙම අනතුර සිදු ව ඇත්තේ කිළිනොච්චිය ඉරණමඩු මාර්ගයේදීයි.
පොලීසිය හා ප්‍රදේශවාසීන් පැමිණ ට්‍රක් රථයට යටවී සිටි පුද්ගලයා එළියට ගෙන කිළිනොච්චිය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇතත් ඔහු ඒවන විටත් මියගොස් සිට ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය, භාරතීපුරම් ගම්මානයේ පදිංචි 51 හැවිරිදි පස් දරු පියෙකි.