විදේශීය හමුදා සඳහා වූ මූලධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇ.ඩො. මිලියන 39ක් (රු.කෝටි 624ක් පමණ) ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ.
කොළඹ පිහිටී ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ මේ සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි.  මෙසේ ලබාදෙන ආධාර බෙංගාල බොක්කේ ආරක්ෂාව සදහා වූ ක්‍රියාකාරකම් සහ මානුෂීය සේවා සැලසීම හා ආපදා සහන සැලසීම යනාදී ක්ෂේත්‍ර වෙනුවෙන් යොදාගන්නේ

කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව එක්සත් ජනපදය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හීදාර් නොයෙට් සටහන් කර ඇත. එම නිවේදනයෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙසේය.

"ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ද්වීපාර්ශවික සහ බහුපාර්ශවික සාකච්ඡා සඳහා ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල පසුගිය සතියේ සංචාරය කළා. එක්සත් ජනපදයේ සහ මේ කලාපයේ ආරක්ෂාව ඉහළ නංවීම සඳහා නීත්‍යානුකුලු මෙහෙයුම් සඳහා සහාය ලබාදීම, මිතුරු පාර්ශ්ව සහ අප හා සන්ධානගත වුවන්ට සහාය දැක්වීමට අපගේ පවත්නා කැපවීම සහ ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සක්‍රීයව සම්බන්ධ වී සිටීම විදහා දැක්වීම  අවධාරණය කිරීම මේ සාකච්ඡාවේ අරමුණ වුණා.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් අපට ඇතිවී තිබෙනවා. ඒ නිසා මේ වැඩසටහන යටතේ

අප සම්බන්ධ වන අංශ සමහරක් පිළිබඳව අවධාරණය කිරීමට අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ඇති වී තිබෙනවා. අරමුදල් සැපයීම මගින් බංග්ලාදේශය, ඉන්දුනීසියාව. මොංගෝලියාව, නේපාලය, පැසිෆික් දිවයින, පිලිපීනය, ශ්‍රී ලංකාව, වියට්නාමය සහ අනෙකුත් රටවල් සමග අප පවත්වාගෙන යන ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාමාර්ග සඳහා අපගේ ආයෝජන කැපීපෙනෙන ලෙස වැඩිවෙනවා. මේ ආයෝජන මගින් පැසිෆික් කලාපයේ ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් සම්බන්ධයෙන් නිදහස්, විවෘත සහ නීතිය පදනම් කරගත් ක්‍රියාමාර්ග ගැනීම තහවුරු කිරීම පිළිබඳ අවධානය යොමු කරන.

මේවාට සමුද්‍රීය ආරක්ෂාව, මානුෂීය සහන සැලසීම, ආපදාවට ප්‍රතිචාර දැක්වීම සහ සාමය පවත්වාගෙන යාමේ ධාරිතාවන් හා රටවල් අතර සිදුවන්නා වූ අපරාධයන් වැළැක්වීම අයත් වෙනවා. සමුද්‍රීය ආරක්ෂණ තේමාව යටතේ එක් අංගයක් ලෙස ඉන්දියානු සාගරය නැගෙනහිර ආසියාව හා සම්බන්ධ කරන්නා වූ වැදගත් මුහුදු මාර්ග වැටී තිබෙන ඉන්දීය සාගරය කලාපයේ ජනතාවගේ සහ හමුදාවන් හි ධාරීතාවන් වැඩකිරීමේ අරමුණින් අප බෙංගාල බොක්කේ වැඩසටහන ආරම්භ කරනු ලබනවා.”