https://www.gossiplankanews.com/2018/08/4000-chathura-wedding.html#more
මති රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ ප්‍රකට දේශපාලනඥයින් මෙන්ම සිය පක්ෂයේ වැඩ කළ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
මේ සඳහා 4000 කට ආසන්න පිරිසක් අරලියගහ මන්දිරය වෙත පැමිණ
සිටි බවට වාර්තා පළවේ.
විවාහ ආරාධනය විශේෂයෙන් පළ කළ ඇරයුම් පතකින් සහ  ඒ ඒ පාක්ෂිකයින්ට යැවූ ලිපියකින් යුක්ත වූ අතර එම ලිපියේ සඳහන් ආකාරයට දේශපාලන රැළියකට පිරිස් එකතු කරගෙන යන ආකාරයට ඒ ඒ කොට්ඨාස මට්ටමින් විවාහ උත්සවය සඳහා පැමිණීමට ප්‍රවාහන පහසුකම්ද සලසා තිබුණි.

අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වීම ගැන විවේචනාත්මක අදහස් සමාජ ජාල වල පළවී තිබුණත් වත්මන් රජයේ ‘කැපී පෙනෙන ප්‍රබලයෙකු‘ ගේ

පුතුගේ විවාහය එම ස්ථානයේ පවත්වන්නට අවසර ලබාගැනීම ගැන ගැටලුවක් පැන නොනැගිය හැකි බවට සිතා එම විවේචකයින්ම සිත හදාගෙන තිබුණි.
විවාහ උත්සවය අධික වියදම් දරා සිදු කළ අතර මංගල කේක් ගෙඩිය වහලයෙ ගැවෙන තරම් උසට නිර්මාණය කර තිබුණි.

මෙම මංගල උත්සවය සදහා සාදා ඇති සුවිශේෂ විවාහ ආරාධනා පත‍්‍රයක් සදහා රුපියල් 8000ක පමණ මුදලක් වියදම් කර තිබූ අතර ආරාධිතයන් 3000කට පමණ එම ආරාධනා පත යොමු කර තිබුණි.
සාමාන්‍යයෙන් මංගල සභාවල මනාලයින් කතා පවත්වන්නේ නැති නමුත් මංගල උත්සව සභාව අමතමින් උත්සවයේ මනාලයා වන චතුර සේනාරත්න දීර්ඝ කතාවක් කිරීමද කැපී පෙනුණි. එම කතාවේ ඔහුට සරුපා මුණගැසීමේ වසර 11 ක පෙම්කතාව මෙන්ම මේ දිනවල ඒ සම්බන්ධයෙන් පවතින විවේචන වලටද පිළිතුරු සපයා තිබුණි.

අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට සිදු වූයේ නැකත යෙදී තිබූ වේලාවට වෙනත් ශාලාවක් සොයාගත නොහැකි වූ නිසා බවත් එය ලබා දුන්නේ අගමැතිවරයා විසින් බවත් චතුර එහිදී කියා සිටියේය. උත්සවය සදහා වියදම් වූ සියලු වියදම් තම හිතමිතුරන් විසින් දරන ලද බවත් ඔහු පැවසීය.


https://gallery.gossiplankanews.com/wedding/chathura-senarathne-wedding.html