විකිරණශිලිතාව අධික කලාප දොළහක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇතැයි භූවිදහා සමික්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ විකිරණශීලී ඛනිඡ පිළිබඳ මේ දිනවල සිදුකරන ගවේෂණයකදී මේ බව හදුනාගෙන තිබෙන අතර
ඉන් කලාප තුනක් මාතලෙන් ද නවයක් නැගෙනහිර වෙරළ තිරයෙන් ද වාර්තා වන බව එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
ඡාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් පරිත්‍යාග කරන ලද ජංගම විකිරණමාන පද්ධතියක් හා එක්ස් කිරණ ප්‍රතිදීප්තතා

වර්ණාවලීක්ෂණමානයක් උපයෝගී කෙරන මෙම ගවේෂණයට ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලයේ සහයෝගය ලැබෙන බව ද ඒ මහතා කීය.
විකිරණශීලිතාව සම්බන්ධව දිවයිනම ආවරණය වින පරිදි සිතියම් පිළියෙළ කිරීම මෙමගින් සිදුවන අතර දඹුල්ල පල්ලේගම, හඟුරන්කෙත යන ප්‍රදේශවල ඊට අදාළ සමීක්ෂණ කයුතු අවසන් කර ඇති බව ඔහු සඳහන් කළේය.
විකිරණශීලි ඛනිඡ පිළිබඳව මූලික අධ්‍යයනයක් ලෝකයේ මුලින්ම සිදුකර ඇත්තේ 19 වැනි සියවසේ මුල් කාලයේදී වන අතර 1904දී ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් තොරියනයිට් හා තෝරයිට් යන විකිරණශීලී ඛනිඡ මෙරටින් සොයාගනු ලැබූ බව ද අධ්‍යක්ෂවරයා කිය.
ලෝකයේ ප්‍රථමවරට තෝරියනයිට් හා තෝරයිට් යන විකිරණශීලී ඛනිජ සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කරන ලද මෙම සමීක්ෂණයන් යැයි ද ඒවා භාවිත කරගෙන ලොව ප්‍රකට විකිරණ විද්‍යාඥයන් පරික්ෂණ රැසක්ම කර ඇතැයි ද සිල්වා මහතා කීවේය.
ඊට අමතරව මෙරටින් බහුලව හමුවන මානසයිට් ඛනිඡය සම්බන්ධයෙන් 1910දී මූලික පරික්ෂණ පැවැත් වූ පසුව බෙන්තොට ආසන්න කයිකාවල ප්‍රදේශයේදී මොනසයිට් ඛනිජය නිස්සාරණය කිරිමේ නියමු කර්මාන්තශාලාවක් පිහිටුවිණි යැයි ද සිල්වා මහතා සඳහන් කළේය.

(බිඟුන් මේනක ගමගේ)