https://www.gossiplankanews.com/2018/07/thisuri-yuwanika-wedding_19.html#more
ටෙලි නාට්‍ය නිළි තිසුරි යුවනිකා අද දින කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී යුග දිවියට පිවිසි අවස්ථාවේ වීඩියෝවක් පහත පළවේ. ඇය අතිනත ගත්තේ කලෙක සිට ඇගේ පෙම්වතාව සිටි සුරාජ් විජේසිංහයි.
 ඇය ඔහු ගැන මෙසේ කියා තිබේ.
‘අපි පොඩිකාලේ ඉඳලම යාලුවෝ. පවුල් දෙකත් අඳුරනවා. ඔහු වෙළෙඳ
නාවික ක්ෂේත්‍රයේ රැකියාව කරන්නේ.
එයා මාව පොඩිකාලෙ ඉඳලම දන්නවා. මම රඟපාන එක ගැනත් එයා දන්නවා. මගේ නාට්‍යය බලනවා. ඒවා ගැන විවේචනත් කරනවා. ඉතිං එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. හැබැයි ඉතිං ලව් සීන් යද්දිනන් පොඩ්ඩක් චුරු චුරු ගානවා. රංගනය ගැන හරි හැටි දන්න නිසා හොඳ චරිත කරනව

නම් මට එයාගෙන් ගැටලුවක් නෑ.

විවාහ වුණා කියලා මගේ අම්මගෙන් තාත්තගෙන් මට ලැබෙන ගුරු හරුකම් අවවාද අඩුවෙන්නේ නැහැ. ඒක මට ඉදිරියේදිත් එහෙමමයි. ඒකට තව එක්කෙනෙක් එකතු වෙන එකයි වෙන්නේ.

මම වැඩ කරන්නෙ මම කැමති විදියෙ චරිතයක් ලැබුනොත් විතරයි. එහෙම නැත්තන් මම වැඩ කරන්නෙ නෑ. මට යමක් කරන්න තියෙනවද කියලා බලලා සහ මම අය කරන ගාණක් තියනවා ඒ හැමදේකටම එකඟ වුණොත් මම ඒක භාර ගන්නවා. එහෙම කරත් ඒවා විකාශය වෙන්න නාලිකා කැමති වෙන්න ඕන. එහෙම නාට්‍ය හතරක් විතර තියනවා විකාශනය වෙන්න. විවාහයෙන් පස්සෙ වුණත් ඒ තෝරගැනීම එහෙමමයි. එහෙම චරිත ලැබුණොත් කරනවා. නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා.‘