රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී පවත්වන ලිඛිත පරීක්ෂණය හෙට 13 සිට නව මුහුණුවරකිවන් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මින් පෙර ප්‍රචාරය වූ ආකාරයටම එම කටයුත්ත සිදුවනු
ඇත්තේ ස්පර්ශ පරිගණක ආධාරයෙන් ඩිජිටල් ක්‍රමයටය.
ඒ අනුව පරීක්ෂණයට

අදාළ ප්‍රශ්න පරිගණක තිරයේ දිස්වෙන අවස්ථාවේ තෝරන්නට තිබෙන පිළිතුරු අතරින් හරි එක ස්පර්ශ කළ යුතුය. විභාගය අවසාන වන මොහොතේම ප්‍රතිඵල එකතුව ගණනය වේ.
මින් පෙර මෙම විභාගය පැවැත්වූයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් හා කතිරය සලකුනු කරන පිළිතුරු පතක් ආධාරයෙන් වන අතර ප්‍රතිඵල ලබාදීමට පැය කිහිපයක් ගත විය.
වේරහැර නව පරිගණක ආහ්‍රිත විභාග මධ්‍යස්ථානයේ පරිගණක 143 ක් ස්ථාපිත කරන ලද බවත් ඒ අනුව වඩාත් පහසුවෙන් මෙම කටයුත්ත හෙට සිට ක්‍රියාත්මක කරන්නට හැකිවනු ඇති බවත් පැවසේ.
කෙසේ වෙතත් මෙම නව ක්‍රමය මත පරීක්ෂණය වේරහැර මූලස්තානයේ පැවැත්වෙන අයට පමණක් ආරම්භ වනු ඇත. ව්‍යාපෘතියේ ඉදිරි අදියරේදී දවයින පුරා දිස්ත්‍රික් මධ්‍යස්ථාන 8 ක පැවැත්වෙන විභාග මෙම ක්‍රමයට මාරු කරනු ඇති අතර එය 2020 දී සිදුවනු ඇති බවට දෙපාර්තමේන්තු ආරංචි හෙලි කරයි.