රණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිම් වනු ෙඇති බවට යුරෝපා සංගමය අනතුරු අඟවා ඇතැයි යුරෝපා සංගම් රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
මෙම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා
යුරෝපා සංගමයද බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමෝනියාව, කැනඩාව යන රටවල් ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පසුගියදා ලිපියක් යවා තිබිණි.
ජී.එස්.පී. ප්ලස් සහනය මානව

හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව කටයුතු කරන සංවර්ධනය වෙමින් පවනින රටවලට යුරෝපා සංගමය ලබාදෙන තීරුබදු සහනයකි. මානව හිමිකම් කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නිසා 2010 දී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වූ අතර නව රජය බලයට පත්වීමෙන් පසුව එය නැවත ස්ථාපිත කරන ලද්දේ පසුගිය වසරේ මැයි මාසයේ දී ය.

ජී.එස්.පී. ප්ලස් වෙළෙඳ සහනය නිසා ශ්‍රී ලංකාව වාර්ෂිකව ආසන්න වශයෙන් යුරෝ මිලියන 300ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 350)ක ප්‍රතිලාභයක් හිමිවන බව යුරෝපා සංගම් රාජ්‍ය යාන්ත්‍රිකයන් පවසන අතර මෙම මරණ දඩුවම පැනවුවහොත් එය අහිමි වන්නට ඉඩ කඩ ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් ජනපතිවරයාගේ මරණ දණ්ඩන තීරණය රටේ මතුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට සාධාරණ පියවරක් ලෙස විවිධ පාර්ශ්ව වලින් පසුගියදා ඇගයුමට ලක්වූ අතර එම කාරණාව නිසි ලෙස ග්‍රහණය කරගැනීමෙන් තොරව යුරෝපා සංගමය මෙබඳු විනිශ්චයන්ට එළැඹීම ගැටලුකාරීය.