https://www.gossiplankanews.com/2018/07/france-after-fifa-victory.html#more
ක්‍රොඒෂියාවට එරෙහි තරග වැදී 4-2 ලෙස ප්‍රංශය  ඊයේ පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය ජයග්‍රහණයෙන් පසු ප්‍රංශයේ කලබලකාරී ජය සැමරුම් වාර්තා වන අතර සතුට වැඩිවීම නිසා පාපන්දු ලෝලීන් දෙදෙනෙකු මියගොස් ඇත.
ඇන්ජිහි ඇල්පයින් නගරයේ දී 50 හැවිරිදි පුද්ගලයෙකු
ප්‍රංශ ජයග්‍රහණය හමුවේ සතුටට පත්ව තරග අවසානයේ ඇලකට පැනීමෙන් ගෙල තුවාලවී මරණයට පත්ව තිබේ. සැන්ටී ෆීලික්ස් හිදී 30 හැවිරිදි අයෙකු ජයග්‍රාහී අවස්ථාවේ මෝටර් රථය ගසක හැපී අනතුරක් සිදුකරගෙන තිබෙන අතර එයින් මරණයට පත්ව තිබේ.
මෙම ජයග්‍රාහී රාත්‍රිය පාලනය කරගන්නට

බැරි තරම් ගැටුම් වලින් ගහණවූවක් බවටද පොලිසිය වාර්තා කර තිබේ.

රාත්‍රී පැරිසියේ ලක්ෂ ගණන් ක්‍රීඩා ලේලීන් රැස්වී පුළුල් රූප තිරවල මෙම තරගය නරඹන අතරවාරයේ කලබලකාරී ලෙස හැසිරුණු පිරිස් පොලිසිය සමග ඇති කරගත් ගැටුම් නිසා බැටන් ප්‍රහාර ජලප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාර දියත් කරන්නට සිදුවූ බව පොලිසිය පවසා තිබේ.
 මිලියනයකට වැඩි  පිරිසක් එක්ව සිටි එක් ස්ථානයක පිරිසක් රාත්‍රී භෝජනවලින් පසු මත්වී කලබල ඇති කර තිබූ අතර  පොලිස් භටයින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
ප්‍රංශ ජාතික ධජය දැක්වෙන පරිදි වර්ණ බෝම්බ පුපුරුවා තිබූ ඇතැම් තැනක පිරිස පාලනය පිණිස ජල ප්‍රහාර එල්ල කරන්නටද පොලිසියට සිදුවිය.මේ අතරවාරයේ අධික තේරපීම් සහිත ස්ථානද තිබී ඇති අතර සාප්පු බිඳ සොරකම් සිදුකරන අයවලුන් පාලනයටද පොලිසිය කටයුතු කර ඇත.‍

නැඟෙනහිර ලෙයොන් නගරයේදී තරුණයන් සිය ගණනක් ජයග්‍රහණය සමරන්නට පොදු දේපළ හානි කිරීම් වාර්තාවී තිබේ. මෝටර් රථ වලට පහරදීම හා තිරිඟු ගොඩවල් වලට ගිනි තැබීම ද වාර්තාවී ඇත.
බෝඩෝ සහ මර්සිල්  නගරවල බෝතල් වලින් ගසා ස්මාරක පුපුරා දැමූ සිදුවීම්ද වාර්තාවී ඇත.