ලොවි අහුලමින් සිටී නව හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරය මතට පෙරේදා (07) සවස අඩක් ඉදිකර ඇති තාප්පයක කොටසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා සදලංකාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන්
අනතුරුව මිය

ගොස් ඇති බව පන්නල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාකඳුර මන්ත්‍රීපෙදෙස. මදුරුගොමුව ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහ ආරච්චිගේ විහඟ විදුසර වික්‍රමසිංහ නමැති හතර වසරේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකි.
ඔහු තම පියා සහ මව සමග ඉරබඩගම පුස්තකාල මාවතේ පදිංචි ඥාතිවරියක බැලීමට ගොස් සිටින අතරතුරදී එම නිවෙසේ වහලය මතට අසල්වැසි ඉඩමෙන් නැමී තිබූ ලොවි ගසක අත්තක ලොවි
ගෙඩි කැඩීමට ළමයින් දෙදෙනකු සමග ගොස් ඇති අතර ඉන් එක් අයකු වහලයට නැග කඩා බිමට දැමූ ලොවී අහුලමින් අසල පිහිටි තාපය ඇල්ලීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කර සිටි.