ජපානයේ අධික ගවතුර හා නායයාම් තත්වය හේතුවෙන් මේ වනවිට මියගිය පිරිස 100 ඉක්මවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මියගිය අයගෙන්  87 ක් ඇතිවූ තුවාල හා යටවීම් හේතු නිසාද 13 ක් හෘද රෝග නිසාද මියගිය බව එරට
කැබිනට්

ප්‍රකාශක සඳහන් කර තිබේ. මේ වනවිට අධික වැසි තත්වය පහව ගොස් ඇති මුත් ගංවතුර හා නායයාම් අවදානම ඇති බවත් මාස ගණනාවක් යනතුරු බලපාන පාරිසරික ප්‍රශ්න ඉතුරු කර තිබෙන බවත් වාර්තා කර ඇත.
මෙම විපතට ලක්වූ ප්‍රෙද්ශවල ශ්‍රී ලාංකිකයින් පදිංචිව සිටියේ නැති බව මේ අතර විදේශ තනාපති කාර්යාල සනාථ කර තිබේ. ලාංකිකයින්ට අනතුරු වාර්තාවී නැත.