රජය විසින් විධායක නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම තවමත් සිදු නොකර ඇති හෙයින් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලද හොත් ලබන 11 දින රජයේ විධායක නිලධාරීන් එක් දින වැඩ වර්ජනයක නිරත වන බව
රජයේ විධායක

නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.

අධිකරණ සේවාවලට ඉහළ දැමූ වැටුපට  සාපේක්ෂව විධායක සේවාවල වැටුප් ඉහළනොදැමූ රජය වැටුප් ප්‍රතිපත්ති උල්ලංඝනය වන ආකාරයට අධිකරණ සේවාවල වැටුප 365%ක ප්‍රමාණයකින් ඉහළ දැමීම රජයේ විධායක නිලධාරීන් නොසලකා හැරීමක් බවත් හෙතෙම පෙන්වා දෙයි. රාජ්‍ය සේවයේ වැටුප් ක්‍රියාත්මක වනුයේ ජාතික වැටුප් ප්‍රතිපත්තියකට අනුව බවත් එසේ නමුදු එය ඉටු නොවීම නිසා විධායක නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් මෙම ගැටලුව පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කළද එම සාකච්ඡා අසාර්ථක වූ බවත් පෙන්වා දෙන කරුණාසිරි මහතා ගණකාධිකාරී සේවා, සැලසුම්,ප්‍රතිසම්පාදන, ඉන්ජිනේරු, කෘෂිකර්ම ඇතුළු සේවා 10ක සහ  ඊට සමාන්තර සේවා 10ක රාජ්‍ය නිලධාරීන් 11 වැනි දින වැඩ වර්ජනයේ නියුතු වන බවත් කීය.