රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (08) නියෝග කිරීමෙන් පසු ඔහු ඒ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටි ජයවර්ධනපුර රෝහල වෙතින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යා හැකි
දැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කර තිබෙන අතර වෛද්‍යවරුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
 රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයාට අසාධ්‍ය බැවින් තමන් ඔහු රැගෙන යාම අනුමත නොකරන

බව දන්වා ඇත. ඒ අනුව බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ ඔහු තවදුරටත් එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කර ඇත්තේ යශෝධ රංගේ බණ්ඩාර වන අතර ඔහු වාහනය පදවා ඇත්තේ එම අවසරය යටතේය.
නිවසක් වෙත කඩා පැන්න වාහනය කළ අලාබ මෙන්ම කඩු පොලු හා මත්පැන් සහිතව වාහනය ගමන් කිරීම ගැටලුවට හේතුවිය.