ටී එන් එල් රුපවාහිනී සේවාවේ පොල්ගවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  මුද්‍රා තබා තිබේ.

එම රූපවාහිනි සේවය පොල්ගහවෙලින් විකාශනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ  නියාමන
කොමිසමෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත‍්‍රය මෙතෙක් ලබා නොතිබීම නිසා මෙසේ මුද්‍ර තැබු බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

පොල්ගහවෙල අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම විකාශනාගාරය අද (5)

වටලා එහි තිබු විකාශන යන්ත‍්‍ර අත් අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය.

එවැනි නිසි බලපත‍්‍රයක් නොමැතිව සංඛයාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංන 27 දරන පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් මෙම රූපවාහිනි විකාශන මධ්‍යස්ථානය මුද්‍ර තබන ලද්දේ මෙම චෝදනාව යටතේ බවත් එම නිලධාරියා පැවැසීය.

මේ වනවිට එම බස්නාහිර වයඹ හා සබරගමුව පලාත්වල ප‍්‍රදේශ රැසක විකාශන කටයුතුවලට මෙම තත්ත්වය යටතේ බාධා පවතින බව ටී එන් එල්  රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

මුදල් නොගෙවීමේ හේතුවක් පෙන්වමින් විකාශනාගාර උපකරණ ගලවතත් විකාශනාගාර පවත්වාගෙන යාම වෙනුවෙන් රජයට ගෙවිය යුතු සියලූ මුදල් ගෙවා ඇතැයි ද වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

වසර විසිපහක් පැරණි තම රූපවාහිනියට මෙවැනි චෝදනාවක් මීට පෙර එල්ල වී නැතැයි ද හෙතෙම කියා සිටියේය.