අද දින පාර්ලිමේන්තුව තුළ දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ TNL නාලිකා අවහිරය කරුණ මතු කළ අතර එහි දී ඔහු මෙලෙස අදහස් පළ කලා.

“යම්කිසි රූපවාහිනී නාලිකාවක විකාශනාගාරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල්
තියන්න මොකක් හෝ බලවත්ව බලපාන ඊට අදාළ සාධාරණ පරිසරයක් තියෙන්න ඕනෙ. අපට බැලූ බැල්මට පෙනෙන්නෙ නෑ එහෙම කාරණයක්. ඉතින් මේක සමහර විට ඊයෙ පෙරේදා එම නාලිකාවේ ගියා ජනාධිපති සිරිසේන මැතිතුමන්ව නිර්ධය ලෙස විවේචනය කරමින් යම්කිසි ප්‍රවෘත්ති විකාශයක්.

ඒක හේතු වුණාද දන්නෙ නෑ මේ පියවර ගැනීමට. මාධ්‍ය ආයතනයක කුළුණක් සීල් කරනවා වගේ තීරණයක් TRC එක තනියෙන් හිතලා ගන්නෑනෙ. ඒක සමාජීය වශයෙන් කැළඹිල්ලට භාජනය වෙන තීරණයක්. සාමාන්‍යයෙන් TRC එකේ සභාපතිවරයෙක් තනියෙන් ඔය වගේ තීරණයක් ගන්නෑ. ආණ්ඩුවේ කිසියම් පාර්ශවයක්, එහෙම නැත්තන් ආණ්ඩුව ඇතුළේ තියෙන ගැටුමක පිපිරීයාමක්”

එයට ප්‍රතිචාර දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තමා ද අනුමත කරන බවයි. මේ පිළිබඳව තමා අතිශයෙන් කණගාටුවන බවත් TRC සභාපතිවරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.