තලාතුඔය නගරයට ආසන්න ගමක වයස්ගත යුවළක් වෙසෙන නිවසෙකි. විශ්‍රාම සුවයෙන් වෙසෙන මොවුනට ආර්ථික ප්‍රශ්න හෝ දුවා දරුවන්ගේ ප්‍රශ්න කිසිවක් නැත. ඉකුත් දිනක රාත්‍රියේ කා බී අවසානයේ ඔවුන් දෙදෙනා තම තමන්ගේ කාමරවල නින්දට ගොස් තිබේ. එදින රාත්‍රී කාලයේ නිවසට ඇතුළු වූ සොරකු එම
නිවසේ ඇති වටිනා කියන දෑ සොයමින් නිවස තුළ සැරිසරා ඇත.
එම අවස්ථාවේ නිවස හිමි විශ්‍රාමික පුද්ගලයාගේ බිරියට නිවස තුළ යමෙකු ඇවිදිනවා ඇසී තම ස්වාමියා යයි සිතා "මේ කළුවරේ ඇවිදින්නේ මොකද වැටිලා අතක් පයක් කඩාගන්නද කියා අසා ඇතත් ඒ පිළිබදව විමසා බලා නැත.

එම අවස්ථාවේ ස්වාමිපුරුෂයාට එය ඇසී ඇතත් ඔහු තම බිරිද සිහිනෙන් දොඩවනවා යි සිතා "මම කාමරේ නිදි ඇවිදින් නැහැ.... හීනෙන් දොඩවන්නේ නැතිව නිදාගන්නවා" යනුවෙන් කේන්තියෙන් පවසා ඔහු ඇදෙහි අනෙක් පසට හැරී පොරෝනයෙන් හිස සිට දෙපතුල දක්වා වසාගෙන තීබේ.
පසුදා උදෑසන අවදිව බලනවිට ඇඳුම් අල්මාරිය ඇද දමා තිබිනවා දැක ඒ පිළිබඳව විමසිලිමත් වීමේදී ඇද මත තබා. තිබු මුදල් ද නැති බව දැක තිබේ. එ අනුව රාත්‍රියේ තමන් කතාකර ඇත්තේ සොරා සමග බව ද වටහා ගෙන තිබේ..
මෙම විශ්‍රාමික යුවළ මීට දින කීපයකට කලින් විදෙස් සංචාරයකින් පසු නිවසට පැමිණ ඇති අතර ඔවුන් සතු මුදල් හා වෙනත් බඩු භාණ්ඩ ඇතැයි සිතා සොරා. පැමිණෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.