වසර දෙකක පමණ කාලයක් තිස්සේ අබිරහස් ලෙස අතුරුදන්ව සිටින ජනප්‍රිය නළු උපාලි කීර්තිසේන මහතා සොයා දෙන ලෙස ඔහුගේ සොහොයුරිය වන තමරා කීර්තිසේන මෙනවිය පසුගිය සතියේ නීතිය හා සාමය
පිළිබඳ අමාත්‍ය

රංජිත් මද්දුම බණ්ඩාර මහතා හමුවී පැමිණිලි කළාය.
අමාත්‍යවරයා, අතුරුදන්දීමට අදාළව තොරතුරු විමසා බලා ඒ මොහොතේම කීර්තිසේන මහතා ගැන සොයා බලන ලෙස ඒ මොහොතේම පොලිසියේ උසස් නිලධාරින්ට දැනුම් දුන් බව ඔහුගේ සොහොයුරිය වන තමරා කීර්තිසේන මෙනෙවිය පැවැසුවාය.
2016 වසරේ පෙබරවාරි මාසයේ 03 වැනිදා මල්ලි තවත් කිහිප දෙනෙක් සමඟ අනුරාධපුරයේ චන්දනාවේ යන බව කියා ගිය පසු මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් දැන ගැනීමට නොමැති නිසා ඔහු සොයා දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරයා හමුවීමට ගොස් ඉල්ලීමක් කළ බව ද ඇය කීවාය.