හලාවත දේවගිරි විහාරයේ බෝධීන් වහන්සේ කඩා වැටුණු පුවත අසා කම්පනයට පත් එහි විහාරාධිපති හිමියන් හදිසියේ අපවත් වී තිබේ. දැනට අමෙරිකාවේ වැඩ වසන කොබෙයිගනේ සීලරතන හිමියෝ මේ
අවාසනාවන්ත ඉරණමට

මුහුණ පාන්නා විට 45 වැනි වියේ පසු වූහ.

වසර 150ක් තරම් ඉපැරැණි දේවගිරි විහාරයේ බෝධීන් වහන්සේ ඉකුත් දා කඩාවැටුණු අතර දායක සභාව මේ පිළිබඳ අමෙරිකාවේ ඇන්හයිට් ශ්‍රී රතන විහාරයේ වැඩ වසන විහාරාධිපති හිමියන් දැනුවත් කර තිබේ. පුවත අසා කම්පනයට පත් විහාරාධිපති හිමියන් හදිසියේ රෝගාතුර ව ඇති අතර ප්‍රතිකාර සඳහා උන්වහන්සේ රෝහල්ගත කළ ද ඉකුත් 23දා උදෑසන අපවත් වී තිබේ. උන් වහන්සේගේ දේහය මෙරටට වැඩම කිරිමට නියමිත බව දායක සභාව පවසයි.