අම්බලන්තොට මල්පෙත්තාව කෑම කඩයකින් පසුගියදා (23) රාත්‍රී මිල දී ගත් කොත්තුවක ගෙම්බෙකු සිටින
බව දැනගත්

කොත්තුව මිලදීගත් කාන්තාව ගෙම්බා සිටි කොත්තුව සමග අමිබලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ පි. මාලක සිල්වා මහතාට පැමිණිලි කර ඇත.

අදාළ කොත්තුව සමග ආපන ශාලාවට පැමිණි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මාලක සිල්වා මහතා සහ අම්බලන්තොට කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. ඒ, නිශාන්ත මහතා සිද්ධිය සම්බන්ධව ආපනශාලා හිමිකාරිනියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ගෙම්බා සිටි කොත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගේ භාරයට (24) ගෙන ඇත.සැකකාර ආපනශාලා හිමිකාරීනිය (25) හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.