සයිටම් වීරෝධි පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී  පොලීසිය විසින්  කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මේ වන විට

පාර්ලි්මේන්තුව අවට මාර්ගය දැඩි රථවාහන තදබදයක් පවතින අතර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන්  මාර්ගයේ  ගමන් කළ ජනතාවද දැඩි අපහසුතාවට ලක් විය.

පාර්ලිමේන්තුව අවට මේ වන විට පොලීසිය හා කැරළි මර්දන ඒකකය කැඳවා ආරක්ෂාව තර කර ඇත.

විරෝධතාකරුවෝ  පාර්ලිමේන්තු වටරවුම සිට රාජගිරිය දෙසට වාහන ගමන් ගන්නා මං තීරු වසා දමමින් මාර්ගයේ  වාඩි වී සිටි නිසා ඔවුන් විසුරුවා හැරීමට  කඳුළු ගෑස් ප්‍රහාරය සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදු වී තිබේ.