ඊළඟ මහ මැතිවරණයෙන් අගමැති වෙන්නෙ රනිල් වික්‍රමසිංහ නොවන බව විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මව්බිම පුවත්පත සමග

සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් ඔහු ඒ බව දන්වා සිටියේ මෙසේය.

20 සංශෝධනයේ යෝජනා සලකා බැලීමේදී එහි ප්‍රබලම වාසිය යන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට නේද?

නැහැ. ඒක සම්පූර්ණ වැරැදියි. මිථ්‍යාවක්. මොකද මේ සංශෝධනයෙන් ගේන්නෙ ජනාධිපතිවරයගේ ධුර කාලයට නෙමේ. ඔහුගේ ධුර කාලය අවසන් වුණාට පසසේ. ඊළඟට මහ මැතිවරණයක් තියලා ඒ මැතිවරණයෙන් පසු තමයි පාර්ලිමේන්තුව ජනාධිපතිවරයෙක් තෝරන්නේ. ඒ සමඟම තෝරාගන්න අගමැතිවරයකුත් ඉන්නවා. අන්න ඒ අගමැතිගෙ බලතල තමයි ඊළඟ පාර්ලිමේන්තු බලතල බවට පත්වෙන්නෙ. ඔබ කියන විදිහට පූර්ව නිගමන කියනවා, ඊළඟ මහ මැතිවරණයෙන් අගමැති වෙන්නෙ රනිල් වික්‍රමසිංහ කියලා. අපි නම් එහෙම හිතාගෙන නැහැ.