රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ මැතිවරණ සමයේදී මෙන්ඩිස් සමාගමෙන් තම මිතුරන්ට ලබාදී තිබෙන වෙක්පත් සැලකිල්ලට ගෙන යහපාලනයෙන් ඉවත් වන ලෙස පක්‍ෂ නායකවරයා
හෝ කථානායකවරයා ඉල්ලීමක් කළහොත් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව ය.

පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට ප්‍රථමයෙන් පැවසුවේ තමන් සහ අජිත් පෙරේරා අමාත්‍යවරයා බවද හෙතෙම පවසා සිටියේ.මේ අනුව ජනාධිපති විමර්ශන කොමිසම පත්කළ බවත්, ඒ තුළින් පැහැදිලි වනුයේ කිසිවෙකු ආරක්‍ෂා නොකර තම කාර්යභාර්ය ඉටු කිරීම පිළිබඳ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කොමිස‍මේ කටයුතු ආරම්භ වූ පසු කොප් කමිටුවේ සිදු කළ කාර්යභාරය පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම්, තමන් ඇතුළු පිරිස කැඳවන ලෙස ඉල්ලීමක් කළද, කිසිදු අවස්ථාවක තමන් කොමිසමට කැඳවීමට කටයුතු නොකළ බවත්, තමන් කළ දෙයක් වැරදි යැයි කොමිසම් වාර්තාවේ කිසිදු තැනක සඳහන් කර

නොමැති බවත් හෙතෙම පවසා සිටියේය. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට මෙන්ඩිස් සමාගම සම්බන්ධ බව තමන් දන්නේ නම් මැතිවරණ කටයුතුවලට එම සමාගමෙන් ලබා දූන් මුදල් නොගන්නා ලෙස මිතුරන් දැනුවත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිවකුගෙන් තමන්ට චෙක්පතක් ලැබී නොමැති බවත්, එහෙත් මැතිවරණ සමයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කණ්ඩායමට ලැබී තිබෙන වෙක්පත් මැතිවරණය සඳහා වියදම් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.
ෙමෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව යම් කටයුත්තක් සිදු කරන බවට කථානායකවරයා තමන්ට දැනුම් දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

චෙක්පත්වල තමන්ගේ නම සඳහන් නොවන බවත්, එහෙත් තම ආරක්‍ෂක නිලධාරීයෙකුට  ලබාදී තම මිතුරන් අදාළ චෙක්පත් මාරුකර තිබෙන අතර, එසේ සිදුකර තිබෙනුයේ වැඩි ආරකෂාවට බවත් ඔහු පවසා සිටියේය.
රහසිගතව එම කටයුතු කිරීමට අවශ්‍යව තිබුණේ නම්, වෙත්පතක් ලබා නොගන්නා අතර, ලබා ගනුයේ මුදල්වලින් බවත් සේනසිංහ මහතා සඳහන් කළේය.

1948 සිට සියලුම මැතිවරණ කාලවලදී මුදල් ලබා ගත්නා බවත්, එසේ ලබාගෙන නොමැති යැයි පවසන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත් වන බවත් ඔහු පවසා සිටියේය.
ඡන්දයට මුදල් නොගන්නා ලෙස කථානායකවරයා දැනුම් දුන්නොත් කිසිවෙකුගෙන් මුදල් ලබා නොගන්නා බවද සුජීව සේනසිංහ මහතා සදහන් කළේය. තමන් කිසිවෙකුගෙන් මුදල් ලබා නොගත් බවත්, එසේ තිබීයදී ලංකාවේ ලොකුම සොරකම බවට පත් වූ සමාගමට අයත් සමාගමකින් මුදල් ලබා නොගන්නා බවත් ඔහු පවසා සිටියේය‍ෙමැතිවරණ සමයේදී තම මිතුරන්ට ලබා දී තිබෙන අදාළ මුදල නැවත ලබා දීමට සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.