පසුගිය දිනවල දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිරී ගිය ඉන්ෆ්ලුවන්සා වයිරසය වැලඳුණු රෝගීන්ට ලබා
දුන් එන්නතට

වුවමනාවෙන්ම විෂබීජයක් ඇතුළත් කොට ඇති බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එම එන්නත ලබාදීම මේ වනවිට තහනම් කොට ඇති බවත් අදාළ  එන්නතට විෂබීජයක් අතුළු කොට ඇති බව අනාවරණය කොට ඇත්තේ ඒ පිළිබද පර්යේෂණ කරන විශේෂඥයන් විසින් බවත් හෙතෙම  කියා සිටීයේය.  එම විෂබීජය වුවමනාවෙන් ඇතුළු කළේ ශ්‍රීලංකාවේද එසේ නැතිනම් විදේශ රටකදීද යන්න පිළිබදව තවම කිසිවක් කිව නොහැකි බව පැවසු හෙතෙම ඉන්ෆ්ලුවන්සා වයිරස් තත්ත්වය මේ වනවිට 95%කින්ම පාලනය කොට ඇති බවද අවධාරණය කළේය.