කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමට දින කිහිපයකට පෙර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු කපුවා අසේල බණ්ඩාරගේ ගෙවත්තේදී කිහිපවතාවක් වෙඩී තැබීම් පුහුණු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔහුගේ ගෙවත්තෙහි බෙලි
ගසක් අසල මෙම පුහුණුවීම්

සිදුකර ඇති බවට අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

බෙලිගස අසල ඉලක්ක තබා මෙම වෙඩි තැබීම් සිදුකළ "කුරුළු"  සහ "මල්ලී"  යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන 18 හැවිරිදි තරුණයන් දෙදෙනා පෙර පුහුණුවීම්වල නිරතව ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා සඳහන් කළේය. සැකකරුවන්ගෙන් ලද ප්‍රකාශ මත ගෙවත්තේ පිහිටි බෙලීගස් පොලිස් නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර එම ගසෙහි තිබූ මූනිස්සම් 6ක් සොයා ගැනීමට හැකිවූ බවද එම නිලධාරියා පැවැසීය.

විහාරාධිපති හිමියන් ඝාතනය කිරීම් සඳහා මෙම පුහුණුවීම් අසේල බණ්ඩාර හිටපු කපු මහතාගේ උපදෙස් පරිදී සිදුකර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීමේ පෙර පුහුණුවීම්වලට අසේල බණ්ඩාරට අයත් පතරොම් තුවක්කුව සහ ගල්කටස් වර්ගයේ ගිනි අවිය භාවිත කර ඇති බවද පරික්ෂණවලදී හෙළිවී තිබේ.