https://www.gossiplankanews.com/2018/06/rahana-wijeweera-wife-case.html
නතා  විමුක්ති පෙරමුණේ නිර්මාතෘ  සහ නායකවරයකුව සිටි  සිය සැමියා වන රෝහණ විජේවීර මහතා  අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති  බවත් ඔහුට වූ දේ දන්වා නැති බවත් එබැවින්  ඔහුව  වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින්
හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය  අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස්  පෙත්සමක් ගොනු කළේය.
 නීතීඥ සේනක ටයිටස් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන්  නම් කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණි හෙට්ටිආරච්චි ඇතුළු 11 දෙනකුය.

1989 නොවැම්බර් 13 වැනිදා පාන්දර

බොරැල්ල කනත්ත පිටුපස ඇති ගොල්ෆ් පිට්‌ටනියට යාබද රේල්පාරේදී උපතිස්‌ස ගමනායක සමඟ එක පෙළට සිටුවා ඔහුට වෙඩි තබන ලද බවට පුවත්පත්වාර්තා තිබේ.
මරා දැමීමට පෙර විජේවීරට සහ උපතිස්‌ස ගමනායකට අධික ලෙස පහර දුන් බවටත්, අත් පා කඩා දමන ලද බවටත් පණ තිබියදීම බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළට විසි කර පුළුස්‌සන ලද බවටත් පසු කාලයේදී කතාන්දර පැතිර තිබුණද, එවැනි කිසිවක්‌ සිදු වූ බවට නිවැරදි සාක්‍ෂි නැත.
 විජේවීර මරණයෙන් පසු එවකට සිටි යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ,විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය මෙසේ ය.

"කැරලිකරුවන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු රහස්‌ තොරතුරු මත උලපනේ ඇතුළු ප්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් කිරීමට යුද හමුදාව කටයුතු කළේය. 1989 නොවැම්බර් 12 වැනිදා සවස්‌ වරුවේදී උලපනේ ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කළ හමුදා කණ්‌ඩායමකට රෝහණ විජේවීර ලෙස සැක කළ හැකි පුද්ගලයකු හමුවිය. ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් කළ විමසීමේදී තමා රෝහණ විජේවීර බව පිළිගත් එම පුද්ගලයා තමා සමඟ සිටින සෙසු අය තම බිරිය සහ දරුවන් බව පිළිගත්තේ ය. රටේ නීත්‍යනුකූල ආණ්‌ඩුවට එරෙහිව හටගෙන තිබූ ප්‍රචණ්‌ඩ ක්‍රියා සහ වෙනත් පරපීඩක කටයුතුවලට රෝහණ විජේවීර සම්බන්ධ බවට සැකයක්‌ තිබුණු බැවින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. මේ මොහොතේදී විජේවීර අත්අඩංගුවට ගත් හමුදා පිරිසේ ප්‍රධානියාගේ තීරණය වූයේ කිසිදු ප්‍රසිද්ධියක්‌ නොදී ඉහළම ආරක්‍ෂාව සහිත ස්‌ථානයකට ඔහු

රැගෙන යැම ය.

එදිනම රාත්‍රි 10.00 ට රෝහණ විජේවීර කොළඹ ගෙනෙන ලදී. රටේ තරුණ පරපුර අමතා කතාවක්‌ පැවැත්වීමටත් ප්‍රචණ්‌ඩ ක්‍රියා අත්හැර දමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටත් වැඩිදුර ප්‍රශ්නකිරීම්වලින් පසු විජේවීර ස්‌වෙච්ඡාවෙන් ම ඉදිරිපත් විය. එම කතාව වීඩියෝ කරන ලදී. ඉන් පසු ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අයත් ප්‍රධාන යුද මෙහෙයුම් මධ්‍යස්‌ථානය පෙන්වීම සඳහා පොලිසිය සහ යුද හමුදාව කැඳවාගෙන යැමට විජේවීර එකඟ විය. පසුදින එනම් 13 වැනිදා අලුයම ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යුද කටයුතු සහ ප්‍රචාරක මූලස්‌ථානය යුද හමුදාවට පෙන්වීමට විජේවීරට හැකි විය. මෙය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පිහිටි තැනකි. මෙහිදී ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලයේ සාමාජික එස්‌. බී. හේරත් ට කතා කළ විජේවීර එම මූලස්‌ථානයේ තිබෙන සෑම දෙයක්‌ම හමුදාවට භාර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ලියෑවිලි කිහිපයක්‌ හමුදාවට භාර දුන් හේරත් තවත් ලියෑවිලි සොයන බව හඟවමින් ක්‍ෂණයකින් ගිනි අවියක්‌ ඇද රෝහණ විජේවීර දෙසට වෙඩි තැබී ය. මෙහිදී යුද හමුදාව ද පෙරළා වෙඩි තැබී ය. වෙඩි හුවමාරුවේදී එයට මැදිව තුවාල ලද විජේවීර සහ හේරත් එතැනම මිය ගියහ. අනතුරුව හදිසි නීති රෙගුලාසි අනුව ක්‍රියා කළ හමුදාව උපරිම ආරක්‍ෂාව යටතේ එම මළ සිරුරු ආදාහනය කළේය. "