නාවලපිටිය වෙළෙඳ සැලකදී එහි සිටි අය නොමඟ යවා මුදල් පසුම්බියක් සොරකම් කළ 75 හැවිරිදි "පොකට් ආච්චි" නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන කාන්තාව නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචි අයෙකි.මේ ආකාරයට ගෑස් වෙළෙඳ සැලකට ගිය ඇය එහි සිටි කාන්තාවන් දෙදෙනාට පවසා ඇත්තේ අනේ දරුවෝ මට ඕවා තේරෙන්නේනෑ. ඔය ගෑස් එකක් මට තෝරලා දෙන්න කියාය.

ඔවුන් ගෑස් තෝරන අතරේ එම වෙළෙඳ සැලට පැමිණ සිටි කාන්තාවකගේ අත්බෑගයේ තිබූ මුදල් පසුම්බිය ගත් ඇය ගෑස් එක රැගෙන යන්න ත්‍රීවිල් රථයක් ගෙන එන බව පවසා යන්නට ගොස් ඇත.
පසුව වෙළෙඳ සැලට පැමිණි කාන්තාව තම මුදල් පසුම්බිය නොමැති බව දැන එහි පැමිණි සැමියා ද සමඟ මුළු නගරය පුරා

මෙම ආච්චි සෙවීම කළේ මුදල් පසුම්බියේ තිබූ වටිනා දේ නිසාය.

මෙම මුදල් පසුම්බිය තුළ රුපියල් 15000 ක වටිනා ජංගම දුරකථනයක් හා මුදුවක්, බැංකු කාඩ් ඇතුළු වටිනා දේ සමඟ මුදලින් රුපියල් 5800 ක් තිබි ඇත.

මේ අතර පොකටි ආච්චි එළවළු කඩයකට ගොස් එළවළු කිහිපයක් රැගෙන එම එළවළු මල්ලේ පතුලටම මෙම මුදල් පසුමිබිය දමා එම වෙළෙඳ සැලේම බෑගය තබා පසුව ගන්නා බව පවසා නැවත නගරයට ගියේ එහි තිබූ ජංගම දුරකථනය තම බෑගයේ දමා ගෙනයන අතරමගදී මෙම ජංගම දුරකථනය අක්‍රිය කිරීමට උත්සහ ගත්තද ඇයට එය නොහැකි වී තිබේ.

අතරමගදී මෙම ජංගම දුරකථනය අක්‍රිය කිරීමට උත්සහ ගත්තද ඇයට එය නොහැකි වී තිබේ.
මේ අතර මුදල් පසුම්බිය නැති වූ කාන්තාව හා ඇගේ සැමියා මෙම කාන්තාව බස් නැවතුම්පළේදී අල්ලා ගෙන "ආච්චි අම්මා මගේ පර්ස් එක දෙන්න ඔයාට මොනවත් කරන්නේ නෑ" කීවත් ඇය පවසා ඇත්තේ හතර පෝයට සිල් ගන්න තමන් එවැනි පහත් වැඩ නොකරන බවයි. තමන් ළඟ ඒ වගේ පර්ස් එකක් තියෙනවනම් ගන්නා ලෙසද පවසා සිටි නිසා මොවුන් මේ බව නාවලපිටිය පොලිසියට පවසා තිබේ.

 ඒ අනුව පොලිසියට රැගෙන ගිය කාන්තාවගෙන් ලෙහෙසියෙන් වචනයක් ගැනීමට නොහැකි බව දැන පසුව ඇගේ මල්ල පරීක්ෂාකර තිබේ. එහිදී ජංගම දුරකථනය සොයා ගත්තද එය තම මුණුපුරාගේ බව පැවසීම නිසා මුදල් පසුම්බිය හිමි තැනැත්තිය තම දුරකථනය හඳුනාගෙන ඇමතුමක් දී තිබේ. අනතුරුව ඇය කූඩුවට දමා වසා දැමීමට සූදානම් වන විට සියල්ල හෙළිකර තිබේ.

මෙම කාන්තාව මෙදිනම රන් මාලයක් බැකුවට උකස් තබා මුදල් ලබාගෙන ඇති බව හෙළි වීම නිසා ඒ පිළිබඳව ද  පරීක්‍ෂණ අරඹා තිබේ. ඇය නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.