බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සමග විවාහ වුන මෙගන් මර්කල් එහෙමත් නැත්නම් සසෙක්ස් ආදිපාදවරිය  කියන්නේ දෙවන එලෙසබත් මහරැජීනගේ අලුත් මිනිබිරියයි. මෙගන් මර්කල් විසින් මහරැජීන සමග
නිලවශයෙන් තනිව ගමන් කරන සංචාරය ජුනි 14 වනදා පවත්වන්න නියම වෙලා තියනවා. මෙගන් මර්කල් මේ වන විට හැරී කුමරු සමග ඇයගේ මදු සමය අප්‍රිකාවේ ගත කරමිනුයි සිටින්නේ.
ජුනි 14 වනදා  ඇය

රැජින සමග ලන්ඩනයේ සිට සැතපුම් 165 ක් ඈත බටහිරින් පිහිටි චෙස්ටර් වෙත චාරිකා කරනු ඇත
මෙම චාරිකාවේදී රැජින සමග  මෙගන් මර්කල් විඩ්නස් වල පිහිටි නව පාලමක් නිල වශයෙන් එළිදැක්වීම සහ රාජකීයයන්  චෙස්ටර් නගර ශාලාවේ දිවා ආහාරය සඳහා සහභාගි වීමට පෙර ස්ටෝරිහවුස් රඟහල විවෘත කිරීමට නියමිතයි.මැයි 19 විවාහ උත්සවයෙන් පසුව මෙගන් මර්කල් රැජින හමුවන පළමු අවස්ථාව වන්නේ මෙයයි
මෙදින දවස පුරාම විවිධ ස්ථාන කරා ගමන් කිරීමට නියමිත අතර රාජකීයයන් විසින් මෙය “away day” ලෙස හදුන්වනු ලැබේ.
 මෙම ගසමනේදී රාජකීය විවාහයෙන් පසුව පළමු වතාවට මහජනතාව සමග සම්බන්ධ වෙන අවස්ථාව ගැන මෙගන් මර්කල් ආශාවෙන් පසු වන බවට කිසිදු රහසක් නෑ