සිය ලේලියට බැණ තර්ජනය කර පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිය
හා දියණිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (4) නියෝග කළේය.

පැමිණිලිකාරිය සිරකර තබා ගැනිමක් සම්බන්ධව කරුණු අනාවරණය නොවන බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා මහෙස්ත්‍රාත්වරයා මෙසේ සැකකරුවන්ට ඇප නියම කළේය.
සැකකාරියන් අධිකරණයට භාර කරමින් ජනාධිපති  නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ පවුල් ආරවුලක් සම්බන්ධව පැන නැගුණු ගැටළුකාරි තත්වයක් බවත් සිද්ධිය වි දින පහකින් පසු පැමිණීලිකාරිය පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවය.

 මෙහිදි පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සජිත ජයවර්ධන මහතා පැවසුවේ විවාහයෙන් පසු පුතුන්ගේ දේපළ තමන්ට හිම් නොවන බවට ලිපියකට අත්සන් තබන ලෙසට සැකකාරියන් සිය දායිකාවට බලපැම් කළ බවත් ඊට ඇය එකගනොවුයෙන් මෙවැනි තත්වයක් ඇති වූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම නිවසට ආරක්ෂාව ලබා දෙන බවත් මොවුන් අත්අඩංගුවට නොගැනිම

විශ්මයට කරුණක් බවය.

වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමට හැකි සංඥමය වරදක් බවත් ඒ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර තිබිය දී පොලිසිය නොතිසි ඉල්ලා සිටීම වැරදි සහගත බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා සාමාන්‍ය ජනතාව හමුවේ පොලිසියේ ක්‍රියා කලාපය මීට හාත්පස වෙනස් බවත් බලවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට පොලිසිය අධිකරණය හමුවේ නොතිසි ඉල්ලා සිටිම අධිකරණයට බෝලය පාස් කිරීමක් වැනි දෙයක් බවට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට කරුණු පෙන්වා දුන්නේත්ය.

කාන්තාවකට සාපරාධි බලහත්කාරය පෑම,බිය ගැන්වීම හා අයුතු අවහිරය යන චෝදනා යටතේ කුරුදුවත්ත පොලිසිය සැකකාරියන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.හිටපු ඇමැති රෝහිත බෝගෝලාගම මහතාගේ ලේලිය වන ගයත්‍රි නිරංජලා සිරිවර්ධන නැමැත්තිය මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වේ . 2018/4/6 කොළඹ 7 ,
ජීනේන්ද්‍රාරාම විහාරස්ථාන භූමියේ සිදු වූ සපරාධි බලහත්කාරය සම්බන්ධයෙන් පැමිණිලිකාරිය කුරුදුවත්ත පොලිසිය වෙත කරන ලද පැමිණිල්ල මත මෙහි විමර්ශන ආරම්භ කර ඇත. ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම ලත් පැමිණිලිකාරිය සම්න්ධව මෙම තර්ජනයට අදාලව විමර්ශනයක් පවත්වා ඇයගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසට ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරයා ලිඛිතව දක්වා ඇති බවටද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

අදාල කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාරියන් පැමිණිලිකාරිය සිරකර තබා ගැනිමක් සම්බන්ධව කරුණු අනාවරණය නොවන බවට පොලිසිය දැක්වූ කරුණු සළකා සැකකාරියන් ඇප මත මුදා හැරීමට නියම කළේය.