දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගතව සිටි තම බිරිය බැලීමට පැමිණි රක්ෂණ නියෝජිතයකු වූ සැමියා බිරිය අසලදී ඇද වැටීමෙන් මියගොස් ඇතැයි කැගල්ල පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල දික්ඇල්ල
ප්‍රදේශයේ පදිංචිව සිටි නයන

නිර්මාල් සෙනෙවිරත්න (33) නමැති රක්ෂණ නියෝජිතයා බවද පොලිසිය පැවැසීය. තම බිරිඳ දරු ප්‍රසූතිය සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර සිටියදි ඇය බැලීමට
පෙරේදා (4) දින සවස පැමිණ බිරිද සමග කතා බහ කරමින් සිටිය දී එක්වරම සිහිසුන්ව බිරිඳ ගේ ඇඳට වැටී ඇති අතර වාට්ටුවේ නිලධාරීන් එක්ක ප්‍රථමාධාර ලබාදී හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඔහුගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල රෝහල් අධිකරණය සංකීර්ණයේදී අධිකරණ වෛද්‍ය නිසංසලා ජයවීර මහත්මිය විසින් පැවැත්වූ අතර කෑගල්ල නාගරික රෝහලේ හදිසි මරණ පරීක්ෂිකා රේණුකා කළුආරච්චි මහත්මිය විසින් මරණ පරීක්ෂණය සිදු කරමින් හෘදයාබාධයක් හේත්තුවෙන් සිදුවූ හදිසි මරණයක් බවට නිගමනය කළාය.