ලෝකයේ මිල අධික විලාසිතා සන්නාමයක් වන ‘කේට් ස්පේඩ්‘ හි අධිපතිනිය වූ ඇමරිකානු ජාතික බිලියනපති ව්‍යාපාරිකා කේට් ස්පේඩ් මහත්මිය ඊයේ සිය නිවසේදී සියදිවිනසාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇය මියගියේ පවුල් ප්‍රශ්නයක් නිසා බවත් ඇගේ සැමියා ඇගෙන් දික්කසාදය ඉල්ලාසිටීම මෙම ආරවුලට මුල්වූ බවත් පැවසිණි.

මෑන් හැටන්හි තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි ඇගේ නිවසට පිරිසිඳුකරන්නියක පැමිණි අවස්ථාවේ ඇය එල්ලී සියදිවිනසාගෙන සිටියදී හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඇය 55 හැවිරිදි වියේ පසුවූවාය.
ඇය එක් දරු මවක විය.
1993 දී සිය සැමියා වන ඇන්ඩි ස්පෙඩ් සමග ඉතා සරලව ඇරඹි මෙම ව්‍යාපාරය මේ වනවිට  ඇමරිකාවෙන් පිටතටත් විහිදී ගොස් ලෝකය පුරා ශාඛා 380 කට පමණ ව්‍යාප්තවී ඇති එකකි. කේට් ස්පේඩ් නම ඇති කාන්තා අත් බෑග් ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයේ නිපැයෙන ඒවා ලෙස සැලකේ.
ඇගේ ගැනුම් කරුවන් අතර බ්‍රිතාන්‍ය රාජකීයයන්, ඇමරිකානු ජනපති ට්‍රම්ප් පවුලේ අය, ක්ලින්ටන් මහත්මිය ඇතුළු සුවිශේෂී අයද සිටින අතර ඊයේ ඇගේ හදිසි අභාවය නිසා ඔවුන් ශෝක පණිවිඩ පවා නිකුත් කර තිබුණි.