හනුවර ගන්නෝරුව මරාතැන්න පෙදෙසෙන් ඩිංගි බෝට්ටුවක නැගී මහවැලි ගගේ සංචාරයක නිරතව සිටියදී පෙරේදා (20) බෝට්ටුව පෙරළී අතුරුදන් වූ සෞදි අරාබියේ 24 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වූ යහා
අල්දුරිගේ සිරුර මහවැලි ගගේ ගසාගෙන ආ දිරා ගිය ගසක සිරවී තිබියදී ඊයේ (21) උසායාගත් බව කටුගස්තොට පොලිසිය කියයි.
ශ්‍රී ලංකා 'වෝටර් රාෆ්ටින්‘ ක්‍රියාකරුවෙකු සමග සෞදි අරාබියේ එකම පවුලේ අට දෙනෙකු රැගත් බෝට්ටුවක් මහවැලි ගඟේ ගන්නෝරුව වරාතැන්න ප්‍රදේශයේදී පෙරේදා (20) දහවල් පෙරලීමෙන් වූ අනතුරකින් එහි සිටි මෙම විශ්ව විද්‍යාල

ශිෂ්‍යයාව අතුරුදහන් වූ බව කටුගස්තොට පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කුවේට් විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන හයා අල් දුරි නැමති 24 හැවිරිදි ශිෂ්‍යවක බව පොලිසිය කියයි.
සතියක පමණ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති එකම පවුලේ හතර දෙනෙකුගෙන් සමන්විත ඔවුහු ප්‍රථමයෙන් නුවරඑළියේ සංචාරයකින් අනතුරුව මහනුවර හරහා හම්බන්තොට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණයේදී හෙළිවී තිබේ. එම බෝට්ටුව පෙරළීමත් සමඟ ප්‍රදේශවාසීන් පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් සමඟ මහනුවර ගිනි නිවීමේ
ඒකකයේ නිලධාරීන් එක්ව පැය තුනකට අධික කාලයක් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ශ්‍රී ලාංකික වෝටර් රාෆ්ටින් ක්‍රියාකරු සමග සෞදි අරාබියේ පිරිමින් පස් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනකු නිරුපද්‍රිතව
බේරා ගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම මේ අතර සිද්ධියෙන් අතුරුදහන් යුවතිය සොයා ඊයේ 21 දා උදෑසන 6.15ට පොලිස් හා නාවික ජීවිතාරක කණ්ඩායම් සමඟ එක්වූ ප්‍රදේශවාසීන් පැය අටකට අධික දැවැන්ත මෙහෙයුමකින් පසු එම සිරුර මහවැලි ගගේ පාවී ආ දිරා ගිය ගසක සිරවී තිබියදී සොයාගත් බව පොලිසිය කීය.

අදාළ මරණය සමබන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය කුළුගම්මන සියපත්තුවේ හදිස්සි මරණ පරීක්ෂක වික්ටර් වී. වීරසේකර මහතා විසින් සිරුර ගොඩගත් යාබද ස්ථානයකදී සිදුකළේය.
මේ අතර ශ්‍රී ලාංකික වෝටර් රාෆ්ටින් ක්‍රියාකරු වූ කුරුවිට කදගොඩ පදින්චි 33 හැවිරිදි අය අනාරක්ෂිත
ලෙස එම ක්‍රීඩාවේ විදේශීය පිරිසක් නිරත කරවීම සම්බන්ධයෙන් චෝදනාව මත පරීක්ෂණවලට මුහුණදී ඇත.

ධම්මික ගුණවර්ධන හා ජේඑල් ජයසිංහ