http://www.gossiplankanews.com/2018/06/gayan-chanaka-matara.html
මාතර රන්භාණ්ඩ වෙළඳ සැල කොල්ලකෑම් සිද්ධියේදී තම ජීවීතය ගැන නොතකා තුවාල ලබා සිටි පොලිස් නිලධාරීයෙකු වඩාගෙනවිත් තම වාහනයෙන් රෝහල්ගත කිරීමට කටයුතු කළ අහංගම ප්‍රදේශයේ පදිංචි ගයාන් චානක ඇතුළු අය
ඇගයීමේ උත්වයක් පසුගියදා පැවැත්වුණා. එහිදී ඔහු කියා සිටියේ තමාගේ මව සිහිවී එය කළ බවයි.

 "පොලිස් නිලධාරියා බිම වැටිලා ඉද්දි මට මතක් වුණේ මගේ අම්මාව, අම්මා මෙහෙණින් වහන්සේ නමක්. උන්වහන්සේ අනතුරක් වෙලා පාරේ වැටිලා ඉඳලා තියෙනවා. නමුත් කවුරුත් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ රෝහලකට ගෙනියන්න. ඒ නිසා උන්වහන්සේ අපවත් වුණා. ඒ නිසා මම මගේ ජීවිතය පවා

නොතකා නිලධාරීයා ඛේරාගන්න කටයුතු කළා"
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සිවිල් පුරවැසියන් කළ වීර ක්‍රියාව අගයමින් පස්දෙනෙකුට රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ විමසුමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගයාන් චානක මහතා මෙසේද පැවසීය.

"එදා උදෑසන මගේ යාළුවෙක් බලන්න මම මාතර මහ රෝහලට වාහනයෙන් ආවා. එතකොට සෙනග කැගහගෙන දුවන සද්දයක් ඇහුණා. බලන කොට පොලීසියයි තවත් අයයි වෙඩි තියා ගන්නවා. පොලිස් නිලධාරියෙක් කෑගැහුවා පහත් වෙන්න කියලා. මම පහත් වෙලා හිටියා. ටික වෙලාවකින් මම දැක්කා පොලීසියේ නිලධාරීයෙක් වෙඩි වැදිලා බිම වැටිලා ඉන්නවා, මම ඉක්මනට එතැනට ගිහින් එම නිලධාරීයා උස්සගෙන මගේ වාහනය ගාවට ආවත් දොර ඇරලා දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. පසුව නිලධාරියා බිමින් තියලා වාහනේ දොර ඇරලා වාහනේට දාගෙන මාතර මහා රෝහල වෙත ඉක්මනින් රැගෙන ගියා.

අද එම නිලධාරියා කොළඹ ජාතික රෝහලේ සුවෙන් ප්‍රතිකාර ලබනවා. එය ඇහුවාම මට ගොඩක් සතුටුයි. මම කරපු කාර්යය පිළිබඳ විශාල සතුටක් තියෙනවා. ඒ නිසා ජනතාවගෙන් මම ඉල්ලන්නේ හදිසි අනතුරකදී ඉක්මනින් රෝහල්ගත කරන්න කටයුතු කරන්න, එය පිනක්. ජීවිත කාලෙම ඒ පින දිහා බලලා සතුටු වෙන්න පුළුවන්."