විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ව්‍යාපාර ගනුදෙනු සිදුකරන ව්‍යපරිකයන් හට එම ගනුදෙනු සිදුකිරීමේදී මුදල් නැත්පතු කිරීම පිළිබඳ දන්වා එවන ඊමේල් පණිවුඩ ගැන වඩාත් අවධානයෙන් පසුවන ලෙසට ශ්‍රී ලංකා හදිසි
ප්‍රතිචාර සංසදය පවසයි.

  බොහෝවිට භාණ්ඩ ආනයන අපනයන ව්‍යාපාරිකයන් ඊමේල් හරහා පැමිණෙන ඇතැම් වාංචනික ඊමේල් පණිවුඩවලට රැවටී මුදල් තැන්පත් කිරීමේදී විවිධ රැවටිලි සහගත ක්‍රියා සඳහා නතු වී ඇති බවද එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉන්ජිනේරූ

රොෂාන් චන්ද්‍රගුප්ත පැවැසීය. ඊමේල් හරහා එන බැංකු ගිණුම් වෙනස් කළ බවට දැවෙන පණිවුඩ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසටත්, තමා වෙනදා ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් හා සම්බන්ධ වී එම පණිවුඩවල සත්‍යතාව තහවුරු කරගෙන මුදල් තැන්පත් කිරීම්වලට යොමුවන ලෙසටත් ඔහු පැවැසිය.

  එවැනි පණිවුඩයක් ලද වහාම වෙනදාටත් වඩා ඒ පිළිබඳ අවධානය යොමුකරන ලෙසද ඔහු දන්වා සිටියේය.  ඊමේල් හරහා වන මෙවැනි වංචාවන් සම්බන්ධ පැමිණිලි දහයක් මේ වසර තුළදී ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයට මේ වනවිට ලැබී ඇතැයිද හෙතෙම පැවැසීය.