http://www.gossiplankanews.com/2018/06/amparai-archialogical-damage.html
ම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ වලතාපිටිය ගම්මානය අසල පුරාවිද්‍යා භූමියක් විනාශ කිරීම නිසා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කල්මුණේ දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
ඇතුළු සැකකරුවන් හය දෙනා මෙම මස 11 වැනි දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සමන්තුරේ මහෙස්ත්‍රාත් එච්.එම්. මොහමඩ් පසීල් මහතා නියෝග කෙළේය.

සැකකරුවන් සමඟ මෙම විනාශය කිරීමට භාවිත කරන ලද ස්කැවේටර් යන්ත්‍ර දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබිණි.


මෙසේ යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ස්කැවේටර් රියැදුරන් වන දිමුතු කුමාර සෝමරත්න, මහරුප් මොහමඩ් සජීර් සහ ස්කැවේටර් අයිතිකරුවන් වන ආදම්බාවා මහරුප්, උදුමා ලෙබ්බේ නිෂාම් සහ ඉඩම් අයිතිකරුවන් වන කල්මුණ දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලන්දර් ලෙබ්බේ මොහමඩ් රනීස් සහ අබ්දුල් රහිම් මොහොමඩ් නිෂාම් යන සැකකරුවන්ය.

පැමිණිල්ල වෙනුවෙන් සමන්තුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉබිනු අසාර් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කෙළේය.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු
කෙරේ.

අම්පාර - ධනුෂ්කා දිල්හානි