නවක වදය ලබාදීමේ සිද්ධියක් මත ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 4 දෙනකු සහ සිසුවකු අක්මීමන පොලිසිය මඟින් අත්හඅඩංගුවට ගෙන ඇත.



නවක සිසුවියනට ලිංගික හිංසනයන් කරන බවට ලැබුණු පැමිණිලි මත මෙම සිසුවියන් සහ සිසුවා අත්අඩංගුවට ගත් බවත් මේ වනවිටත් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරමින් සිටින බවත් අක්මීමන පොලිසිය සඳහන් කරයි. මෙසේ ලිංගික නවක වදයට භාජන වී ඇත්තේ නේවාසිකාගාරයේ සිටි සිසුවියන් පිරිසක් බවද පොලිසිය සඳහන් කරයි. 
අත්අඩංගුවට ගත් සිසුවා සහ සිසුවියන් 4 දෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.